ඩයනා ගමගේ හිටපු මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිළිබඳව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව සඳහන්.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ හිස් වූ අසුන වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් තිබුණා.

එම අවස්ථාවේ අදහස් දැක්වූ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා,