මහබැංකුව ස්වාධීන කිරීම සිදු කරන ලද්දේ කිහිප දෙනකුගේ ඕනෑ එපාකම් මත මුදල් අච්චු ගැසීමේ ක්‍රියාදාමය මත උද්ධමනය වැඩි වීම නිසා බවත් එහි දී වඩා ප්‍රශස්ත රාජ්‍ය පාලනයක් තුළ ස්වාධිනත්වය ක්‍රියාත්මක කිරීම අරමුණු කළ බවත් දේශපාලන ඇගලි ගැසීම්වලින් බැහැර කර ස්වාධීන කළත් එය වැටුප් වැඩි කිරීමට අනුබල දීමක් නොමැති බවත් රටේ ජනතාවට බදපටි තද කර ගන්න කියා ඔවුන් ස්වාධිනත්වයේ නාමයෙන් හිතුමතේට වැටුප් වැඩි කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී මහබැංකුවේ අනිතික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

දේශපාලන ඇගිලිගැසීම්වලින් තොරව මූල්‍ය පාලනය ක්‍රියාත්මක කරන්න ස්වාධීන කළත් එය පෙරටු කරගෙන වැටුප් වැඩි කළ නොහැකි බවත් එක එක පාර්ශ්වයන්ට වරද පටවන්නේ නැතිව සෘජු තීන්දුවක් ගෙන මෙම වැටුප් වැඩි වීම අහෝසි කරන ලෙසත් එවැනි දෙයක් සිදු නොකරන්න ආණ්ඩුවට කොන්දක් නැද්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.