මාධ්‍යවේදීන් සිරගත කිරීමට, මාධ්‍යවේදින්ට දඩ පැනවීමට හා විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට බලය පැවරෙන බවට චෝදනා එල්ල වන යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනු කමිටුව අද (05)පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. 

අද පෙරවරු 9.30ට කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රාධානත්වයෙන් කමිටුව රැස්වන අතර ඔහු සදහන් කර තිබුනේ පනත් කෙටුම්පතට අදාළව සිය නිරීක්ෂණ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ නායකයින්ට එහිදී දැනුම් දෙන බවයි.

මෙම පනත පිලිබදව සියලු මාධ්‍ය ආයතන සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට සුදානම් බව සභාපති චරිත හේරත් ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයින් වන හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරුන් වන ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් පැවසිය.