මංගල සමරවීර විසින් යෝජනා කර ඇති පරිදි රට යළි ගොඩනැගීම සඳහා අඩිතාලමක් දැමීමට ඉදිරිපත් කර ඇති මුලික යෝජනා සම්බන්ධයෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ අතර සංවාදයක් ආරම්භ විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.

NEXTV නාලිකාව විසින් මෙහෙයවූ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු තව දුරටත් පැවසුවේ ශ්‍රී ලාංකීය සමාජ පරිවර්තනයක් සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත්කර ඇති න්‍යාය පත්‍රය පෙරට ගෙනයාමට තමා ද ඇපකැප වන බවය.

තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය ද එය බව ද විධායක ජනාධිපති ක්‍රමයේ විනාශයක් නිසා එය අහෝසි කළ යුතු බව ද පැවසු මන්ත්‍රී හරීන් වෙනත් දේශපාලන පක්ෂවල තරුණ ක්‍රියාකාරී ද ඒ පිළිබඳව සුබවාදී ස්ථාවරයක සිටින බව ද වැඩි දුරටත් පැවසුවේය.