ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ ඔහුගේ පැමිණීම නිමිත්තෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට සජිත් ප්‍රේමදාස මහතා සහබාගී නොවීමත් සමඟ පාර්ශව රැසක් අවලාද නගමින් සිටී. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම රාත්‍රී භෝජන සංග්‍රහයට සහබාගී නොවීම ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතාගේ පැමිණීමට විරෝධයක් දැක්වීමක් බව හුවා දක්වමින්.

ආණ්ඩුවේම විවිධ පාර්ශවයන් විසින් සමජගත්කරන මෙම සාවද්‍ය කරුණ පිළිබඳව ලිපියක් මගින් විපක්ෂ නායක කාර්යාලය කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම පිලිය මගින් පෙන්වාදෙන්නේ ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ ඒ මහතා හමුවීමට විපක්ෂ නායකවරයා කැමැත්තෙන් සිටින බව ඉරාන තානාපති කාර්යාලයට දැනුම් දී තිබූ අවස්ථාවක ඒ පිළිබඳව අවධානය යොමු නොකරමින් රාජ්‍ය පාර්ශවයෙන්ම මෙසේ අවලාද නැගීම ඉතාමත් කණගාටුවට කරුණක් බවත් එසේ තිබියදී ඉරාන ජනාධිපතිගේ පැමිණීම වෙනුවෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට පමණක් රනිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජ්‍ය පාර්ශවය සමඟ විපක්ෂ නායකවරයා සහබාගී වුයේ නම් රජයට හිතවාදී විවිධ පාර්ශවයන්ම රනිල්-සජිත් ඩීල් දේශපාලනයක් පිළිබඳව විවිධ අවලාද නැගීමට සුදානමින් සිටි බවත් මෙම ලිපිය මගින් අවධාරණය කරයි.

විපක්ෂ නායක කාර්යාලය මේ පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

ඉරාන ජනාධිපති හමුවීම