රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ඇයට මෙරට තුළ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.

වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කිසිදු නීතිමය සුදුසුකමක් නොමැති බව පවසමින්, සමගි ජන බලවේගය සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් ගොනු කර තිබුණු රිට් පෙත්සම මීට පෙර අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. නමුත් අභියාචනාධිකරණයේ එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි මෙය සලකා බලන ලෙස අභියාචනයක් ගොනු කළේ ය.

ඒ අනුව එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්ශ්‍ රේෂ්ඨාධිකරණය කියා සිටියේ ඇයට මෙරට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රි ධුරයක් දැරිය නොහැකි බවයි.

මෙම නඩුව වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙනී සිටින අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆර්මාන් කාසිම් මහතා කරුණු දක්වන ලදී. එසේම සිවිල් ක්‍රියාකාරීන් ලෙස ඕෂල හේරත් මහතා මෙම නඩුවට සම්බන්ධ විය.