පසුගිය වසර කිහිපය පුරාම රට තුල ආන්දෝලනයකට තුඩු දුන් 2019 වසරේදී ශ්රී ලංකාවේ සිදුවු පාස්කු ප්‍රහාරය පිළිබද බරපතල හෙළිදරව්වක්, රාජ්‍ය බුද්ධි ප්‍රධානියා නීතිය හමුවට ? මාලාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් හෙට දින ප්රසිද්ධියට පත් කිරීමට බ්රිතාන්ය චැනල් ෆෝ’ (Channel 4) නාලිකාව සූදානම් වන බව අප වෙත දැනුම් දී තිබුණා.

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා තිබියදී ගොටභය රාජපක්ෂ විසින් ජනාධිපති සමව යටතේ නිදහස් කරනු ලැබූ වත්මන් රාජ්ය අමාත්ය සිවනේෂතුරෙයි චන්ද්රකාන්තන් නොහොත් පිල්ලෙයන්ගේ TMVP පක්ෂයේ එවක මාධ්ය ප්රතාශකවරයා මෙන්ම මුදල් ලේකම්වරයා ලෙස කටයුතු කළ දැනට ස්විට්සර්ලන්තයේ සරණාගත භාවය පතා රැඳී සිටින  මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර් හෙවත් අසාද් හන්සීර් මවුලානා නැමැත්තා විසින් ලබා දී ඇති ප්රකාශයක් පදනම් කරගෙන මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකිරීමට චැනල් ෆෝ නාළිකාව සූදානම් වන බවකි.

කෙසේවෙතත් මෙම තැනැත්තා ප්රකාශ කොට ඇත්තේ පාස්කු ප්රහාරයට ආරක්ෂක අංශ ඇතුලු රාජ්ය නිලධාරීන් කිහිප දෙනකුගේ සම්බන්ධතාවයක් තිබුණු බවකි .

කෙසේවෙතත් මේ චෝදනාව සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව වත්මන් රාජ්ය බුද්ධි ප්රධාන ප්රධානී සුරේෂ් සලේ මහතාගෙන් විමසීමක් කොට ඇති අතර ඒ මහතා එම ප්රකාශය සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කිරීමට කටයුතු කොට ඇත.

එමෙන්ම සිය නීතීඥවරුන් මාර්ගයෙන් තම නම යොදාගනිමින් අදාළ වීඩියෝවට සිදු කළ බව කියන ප්රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහු විසින් ප්රකාශ කර තිබෙන අතර පාස්කු පරහාර කාලසීමාව දී තමන් ලංකාවේ රාජකාරි නොකළ බව ද තහවුරු කරන ලේඛන ද සුරේෂ් සාලේ මහතා විසින් යොමු කොට ඇත.

ඒ අනුව මෙම වීඩියෝව පසුගිය අගෝස්තු 15 සඳහා එළිදැක්වීමට චැනල් ෆෝ නාළිකාව සැලසුම් කර තිබුණද රාජ්ය බුද්ධි ප්රධාන ප්රධානී සුරේෂ් සලේ මහතා විසින් චැනල් ෆෝ නාලිකාවට නීතිඥවරු මාර්ගයෙන් කළ දැනුම්දීමට අනුව අදාළ වීඩියෝව එදින විකාශය කිරීම අත්හිටුවා තිබිණ.

නමුත් මෙම දැනුම් දීමෙන් පසු අදාළ නාලිකාව විසින් වීඩියෝව යම් සංස්කරණයකට ලක් කොට හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් මෙම ප්රකාශ නිකුත් කිරීමට බ්රිතාන්ය දෙමළ සංසදය ඇතුළු පාර්ශව කිහිපයක් අසාද් හන්සීර් මවුලානා හට අනුබල දී ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.