පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සමගි ජනබලවේගය සමඟ එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අසංක නවරත්න මහතා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණින් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සඳහන්.

පසුගිය මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර ඔහු පාර්ලිමේන්තු වරම් හිමිකරගත්තා.