ආණ්ඩුවේ අත්තෝමතික රසායනික පොහොර තහනමට එරෙහිව ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ගාලු දිස්ත්‍රික් සමගි තරුණ බලවේගයේ ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා නාවලපිටිය පිහිටි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද මහතාගේ නිවසට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ලබා දුන් පිදුරු රැගෙන ගොස් සිය විරෝධතාවය පළ කෙරිණි.

කණිෂ්ක ලැනරෝල් මහතා කියා සිටියේ එ පිදුරු අමාත්‍ය මහින්දානන්ද මහතාට අනුභව කරන ලෙසයි.

එහිදී කණිෂ්ක ලැනරෝල් මහතා කියා සිටියේ රටේ බොහෝ ප්‍රදේශවල තේ, කුරුදු හා වි ගොවිතැන් කටයුතු කිරීමට අවශ්‍ය පොහොර නොමතිව ගොවින් පාරට බැස උද්ඝෝෂණ සිදු කරන බවත් එවාට ඇහුම්කන් නොදෙන බීරි ඇමැතිවරුන්ට පොහොර ඉල්ලා බල කිරිමට එහි දෙවැනි අදියක් ලෙස අමාත්‍යවරුන්ගේ නිවාස වලට යන බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ ආහාර හිගයක් ඇති විමට පෙර ආණ්ඩුවේන් ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙසයි .

සටහන – CJ