තමන් ජනාධිපති අපේක්ෂකත්ව සටනින් ඉවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව තමාගේ සහ සමගි ජන බලවේගයේ සහාය විපක්ෂ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව දන්වා සිටියා.