ජනතාවගේ මුදල් කොල්ලකන දූෂිත වික්‍රමසිංහ පාලනයට එරෙහිව ලබන 28 වැනිදා දහවල් 12ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බවත් වෘතිකයන්, සිවිල් සංවිධාන පමණක් නොව රටේ දේශපාලනය පිලිබදව වගකිවයුතු සියලු දේශපාලන පක්ෂද මෙම විරෝධතවයට සහබාගී වන ලෙස ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ප්‍රධානී ආනන්ද පාලිත විවෘත්තව ආරාධනය කරයි.

දූෂිත වික්‍රමසිංහ පාලනය

වෘත්තිකයන්ගේත් සමස්ත ජනතාවගේත් ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීමටත් දූෂිත රාජපක්ෂ පාලනයත්, මහා බැංකු මංකොල්ලය සිදුකල රනිල් වික්‍රමසිංහ පාලනයත් අභියෝගයට ලක් කිරීමට මෙම දැවැන්ත විරෝධතවයට්ර සහබාගී වීමට සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බවත් ආනන්ද පාලිත මහතා පැවසීය.