සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

රාජපක්ෂවරුන් සුපුරුදු ලෙස ජනතාව මර්දනයට ලක් කිරීම අරබා තිබේ. සාමකාමි උද්ඝෝෂණයක නිරත වුවනට වෙඩි තබා මරා දැමිමට රඹුක්කනදී ක්‍රියා කිරිම තුළ සුපුරුදු පරිදි ආණ්ඩුවේ භිෂණය ඉස්මතු කොට ජනතාව මත පතිත කිරිම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු .

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තුළ ජනතාව මර්දනයට බලය යෙදිම අප අතිතයේදි අත්දුටු සිදුවිමකි.

ජලය ඉල්ලා උද්ඝෝෂණ කල රතු පස්වල ජනතාවටත්, ඉන්ධන සහනාධාරය ඉල්ලා සිටි හලාවත ඇන්තනි, සේවක අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ කටුනායක ආයෝජන කලාපයේ රොෂෙන් චානකත්, වැලිකඩ සිරගෙදර උද්ඝෝෂණයක නියලුනු රැදිවියනට වෙඩි තබා ඝාතනය කළ මේ කුරිරු පාලකයන් යළිත් එයම ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරිම තුළ අප දකින්නේ මිලේචිඡත්වයයි.

තම බලය පවත්වා ගැනිමට ඉන්ධන ගැස් පොලිම් වල දුක් විදින ජනතාව මත මර්ධනයේ හස්තය දිගු කිරිම සියලුම පිළිගත් නීතිරීති බරපතල ලෙස බිඳ දැමිමකි.

මෙම සාපරාධි අපරාධයට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියා මර්ගයන් ගැනිමට සමගි ජන බලවේගය පියවර ගනිමු.

පාලකයින්ගේ අනිතික නියෝග අනුව ක්‍රියාකරන නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගැනිමට අවශ්‍ය කටයුතු කිරිමටදැනටමත් අපගේ නිති අංශයට උපදෙස් ලබා දි ඇත.

මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වූ නිරායුධ තරුණයාගේ පවුලේ සැමට සමගි ජන බලවේගයේ සාතිශය සංවේගය පුදකරමු. වෙඩි පහරවල් නිසා තුවාල ලැබ රෝහල් ගතව සිටින සියලු දෙනාට ඉක්මන් සුවය පතමු.

මේ මොහොතේ ඉවසිමෙන් කටයුතු කරමින් මෙම දුර්දාන්ත පාලනය අවිහිංසාවාදි සහ ප්‍රජාතන්ත්‍රවාදි ලෙස පලවා හැරිමට වඩාත් කැපවිමෙන් කටයුතු කිරිමට අදිටන් කරගනිමු. ඒ සඳහා එල්ල වන ඕනැම අභියෝගයකට සමගි ජන බලවේගය මුහුණ දෙන බවත් ජනතාවට අවශ්‍ය රැකවරණය සඳහා කැපවෙන බවත් යළිත් සහතික කරමු.