දැක්මක් වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවක් රැකියා උත්පාදනය නොකරන ආර්ථිකයක් රටට අවශ්‍ය නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි .

රටේ ආදයම වඩා ගෙවිය යුතු පොළිය වැඩි රටක් බවත් ආණ්ඩුව ලැබෙන ආදයම් මාර්ග ද කඩාකප්පල් කරමින් සිටින බවයි හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ .

ආණ්ඩුව විසින් දැවැන්ත අර්බුදයක් අති කරමින් සිටින බව පවසන මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ

‘ආර්ථිකය පණ අදිනවා. මිනිස්සු කිරිපිටි පැකට් එකක්, සිමෙන්ති කොට්ටයක්, සීනි ටිකක් හොයාගන්න පොරකනවා. ඒ අස්සේ කබ්රාල් මහත්තයා කියනවා ගිය කාර්තුවේ අපේ ආර්ථිකය සියයට 12.7 කින් වර්ධනය වෙලාලු.

ඉතිං මරුනේ. මෙහෙම වර්ධනයක් අපේ ඉතිහාසෙක තිබිලා නෑ. මේ විදිහට රටේ කිසිම ප්‍රශ්නයක් නෑනේ. අනේ අනිච්චං, මේ කාවද රවට්ටන්නේ? මේව තමයි කබ්රාල් මැජික්.’

සම්පූර්ණ විඩියෝව