ජනාධිපති ලෙස පත් වි වසර 2ක් ගතවන හෙට දිනයේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කර ඇති විරෝධතාවය නතර කිරිමට රටේම පොලිසි උසාවි නියෝග ලබා ගැනිමට උසාවි යවා ඇති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි .

ඔහු කියා සිටියේ රටේම පොලිසි උසාවි යවා උද්ඝෝෂණය නතර කිරිමට අධිකරණය නියෝග ලබා ගැනිමට කටයුතු කරන්නේ සර්ට හොදටම පිස්සු තද වි ඇති නිස බවය.

ඔහු කියා සිටියේ හෙට විරෝධතාවය අනිවාර්යයෙන්ම පවත්වන බවත් ඉදිරියේදී ආණ්ඩු වෙනස් වන බවත් පොලිසිය තම රාජකාරියය හරියට සිදු කරන ලෙසයි .

වැඩි දුරටත් කියා සිටියේ බය නැති කිසිම ජනාධිපති කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කරන කටයුත්‍තකට අකුල් හෙලන්නේ නැති බවයි .

හෙට විරෝධතාවය වැලැක් වීම සදහා පොලිසිය ඉල්ලා සිටි නියෝගයක් මාළිගාකන්ද අධිකරණය සහ ගංගොඩවිල අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කර තිබේ.