ලබන සතියේ ඩොලර් මිලියන 500 ක් ගෙවන්න තියනවා. ඒකට ආණ්ඩුව ලොකු උත්සහයක් ගන්නවා. මේ ඩොලර් බිලියන 500 පැත්තකින් තිව්වම තව ඩොලර් බිලියන 6.9 මේ වසර තුළ ගෙවන්න සිද්ධ වෙනවා ඒක සනාථ වෙනව බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ජනවාරි මාසේ තුන්වෙනිදා කැබිනට් පත්‍රිකාවෙන්. එතුමා ඒ ගාන සනාථ කරලා තියෙනවා. ඒ ගෙවීම් සැලැස්ම කුමක්ද කියන එක රටට දැනගන්න අයිතියක් තියෙනවා

බැසිල් රාජපක්ෂ මැති තුමා ජනවාරි තුන්වන දා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ දී ඩොලර් බිලියන 6.9 ගෙවීම සඳහා ප්‍රශ්ණයක් අර්බුදයක් ඇති වෙන්නේ නැති බව ප්‍රකාශ කරනවා. එතුමා එක තැනක කියනවා භාණ්ඩ හා සේවා අපනයනය තුළින් මුළු විදේශ මුදල් ගලා ඒමෙන් ඇමරිකන් ඩොලර් බිලියන 32ක් පමණ අපේක්ෂා කරනවා කියලා ඒත් දැන් අපනයනය ඩොලර් බිලියන තිස් දෙකක් මේ වසරේ ලබාගන්න හිතන එක මනංකල්පිතයි බොරුවක් .

මෙහෙම බොරු ලේඛන දීලා ණය ටික ගෙවන්න වෙනකොට රට තවත් අමාරුවෙ දාලා බොරුවෙන් රවටන්න උත්සාහ කරන එක වැරදියි. එතුමා ඊයේ කරපු අලුත් පාර්ලිමේන්තුව සාකච්ඡාවේදී මේ රට ගොඩ දාගන්න පුළුවන් කිව්වා. අපි කොහොමද මේ වසරේ අපනයනය අපේක්ෂිත ඉලක්කයට උස්සන්නෙ. අපනයනය දිගටම කඩාගෙන වැටෙනවා . එක පැත්තකින් පොහොර ගෙනල්ල දුන්නෙ නැති නිසා කෘෂි ක්ෂේත්‍රය තුළ තේ නිශ්පාදනය 40% කින් අඩු වෙලා තියෙනවා රබර් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා ඒ වගේම පළතුරු එළවළු සුළු අපනයන බෝග නිෂ්පාදන අඩු වෙනකොට කොහොමද අපනයනය වැඩි වෙන්නේ. කෘෂි නිෂ්පාදනය දිගටම කඩාගෙන වැටෙනවා. රටේ පරිභෝජනයට ආහාර නැතිවෙනකොට තේ රබර් සුළු අපනයන කොහොමද අපනයන කරන්නේ. 2019 අපි මේ රට භාර දෙන කොට ආනයන වල වටිනාකම ඩොලර් මිලියන දහනමය යි හැබැයි 2022 බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා අපේක්ෂිත භාණ්ඩ හා සේවා ආනයන ඇමරිකන් ඩොලර් බිලියන 23 ක් කියලා

අලුත් පාර්ලිමේන්තුව කියලා රූපවාහිනී වැඩසටහනක මම දැක්කා ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධිකාරිතුමා ඇවිත් කතා කරා. එතුමා ගෙන් ඇහුවම ණය කොහොමද ගෙවන්නේ කියලා එතුමා කිව්වා අපට සෘජු ආයෝජන වලින් ඩොලර් ලැබෙනවා ඒ වගේම ආයෝජන නොවන තව විවිධ ණය ගන්න ක්‍රම වලින් ණය ලැබෙනවා කියලා දැන් මේ කැබිනට් පත්‍රිකාව තුළ ම අපට පේනවා ආණ්ඩුවේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා. මේ ප්‍රශ්ණයේදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කිව්වා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. එහෙම කර ගන්නේ නැතුව මේ ප්‍රශ්ණය විසඳන්න බෑ. කැබිනට් පත්‍රිකාවේ එක තැනක ආණ්ඩුව කියනවා මේ රටේ සම්පත් ටික විකුණලා ණය ගෙවන්න සැලැස්මක් තියනවා කියලා. එක තැනක තියෙනවා විදේශ ණය ගලා එන අතර භාණ්ඩ හා සේවා අපනයන ප්‍රේෂණ සෘජු විදේශ ආයෝජන වලට අමතරව 2022 වසර තුළදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන ඇති දැනටමත් යෝජනා කැඳවා ඇති ඉහළ වටිනාකමකින් යුත් දේපල හා ඉඩම් සඳහා දීර්ඝකාලීන කල් බදු ගිවිසුම් වලට එළඹීම තුළින් ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක් ප්‍රමාණයක් ලැබේ යැයි අපේක්ෂා කරන බව. එහිදී නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ තියෙන හොඳම ඉඩම් ටික විකුණන්න හෝ කල්බදු ක්‍රමයට ගජ මිතුරන්ට දෙන්න සැලසුම් කරලා.

තවත් එහාට ගිහින් වාණිජමය වටිනාකමකින් යුතුව යටිතල පහසුකම් අවශ්‍ය වන ක්ෂේත්‍ර උදාහරණයක් වශයෙන් විදුලිබල හා බලශක්ති වරාය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වෙත සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙහි දී රජය සතුව ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ උපාය මාර්ග තිබීම ඉතාම වැදගත්ය. ඉන් එහාට තවදුරටත් කියනවා 2020 අයවැයේදී රජයට සහ මහවැලියට අයත් භාවිත නොවන ඉඩම් පෞද්ගලික ආයෝජකයන්ට කෘෂිකර්මාන්තය ඇතුළු වෙනත් කටයුතු සඳහා ලබාදීම යෝජනා විය. එතකොට මේ රටේ ගෙයක් හදාගන්න ඉඩමක් නැති, ගෙවතු වගාවක් කරගන්න ඉඩම් නැති සිය ගණනක් මිනිසුන් සිටිය දී මේ මහවැලි ඉඩම් විදේශිකයන්ට විකුණන්න කැබිනට් පත්‍රිකාවේ කියනවා.

ඇයි එසේ කරන්නේ උපක්‍රමශීලීව නෙවෙයි ණය ගෙවන්න සල්ලි නැති නිසා රටේ නීති වෙනස් කරමින් අපේ රටේ සම්පත් එක ණය ගෙවන්න විකුණන්න හදනවා. ඒකයි පැහැදිලියි. ඩොලර් බිලියන 6.9 ක් වෙන කොහෙන්හරි හොයන්න නෙමෙයි රටේ තියෙන සම්පත් ටික වෙන්දේසි කරලා හොයන්නයි යන්නේ.

රාජ්‍ය ව්‍යාපාර වල ප්‍රාග්ධනය ආයෝජනය කර මේ රටේ දේපළ විකුණන්නෙ නෑ. මේවා පුද්ගලීකරණය කරන්නේ නෑ කියලා කතා කරලා බලයට ආපු මේ රජය අද කියනවා රටේ සම්පත් ටික විකුණලා අපි ණය ගෙවමු කියලා. එය උපක්‍රමයක්ද ණය ගෙවන්න. ගෙදර තියෙන ඔක්කොම විකුණලාද ණය ගෙවන්නේ. හරියට ගමේ මිනිහෙක් ණය උනාම තමන්ගේ මෝටර් සයිකලයක් තියෙනවා නම් ඒකෙ පොත අරගෙන ගිහිල්ලා හැම තැනටම කියනවා මේ පොත තියන් කීයක් හරි දෙන්න පස්සේ ගෙවන්නයි කියලා. ඒ වගේ අපේ රටේ ඔප්පුව එන හැමෝටම පෙන්නලා කියනවා අපිට කීයක් හරි දෙන්න කියලා මේක රජයේ වගකීම මේකද රජයේ වගකීම අපි පක්ෂයක් හැටියට කියන්නේ මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ ගැන රට දැනුවත් කරන්න.

නිවාඩ් කබ්රාල් මහත්තයා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලා. කබ්රාල් මහත්තයත් කියලා තියනවා යම් යම් ශ්‍රේණිගත ආයතන වලට වෙනත් න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන් කියලා. එතුමාට මතක් කරනවා මේ රටට ශ්‍රේණිගත කිරීමේ ආයතන පළමුවෙන්ම ගෙනාවෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒගොල්ලො තමයි ශ්‍රේණිගත ආයතන වලට ආරාධනා කරලා ඒ ආයතනම තමයි පළමුවෙන්ම ස්වෛරිය බැඳුම්කර වාණිජ වෙළෙඳ පොලට ගිහිල්ලා ඩොලර් මිලියන පන්සීයක් පළමුවෙන්ම ගත්තේ ඒ විතරක් නෙමෙයි එම ආණ්ඩුවේ නිවාඩ් කබ්රාල් මහත්තයා වගකීමක් දරන නිලධාරියෙක් හැටියට ඉන්න කාලෙ තමයි ලංකාවට වැඩිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ගත්ත වැඩිම ණය ඩොලර් බිලියන 2.8 ක ණයක් ගත්තේ.

දැන් ඩොලර් බිලියන 6.9 ගෙවීම සඳහා එක එක කතාවල් කියන්නෙ නැතුව අපිට රටට පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න කොහොමද මේ ගෙවන්නේ කියලා මොකද දැන් වෙනකොට මේ රටේ බෙහෙත් නෑ පැනඩෝල් පෙත්ත ගන්න ප්‍රශ්ණයක් වෙලා මේ වෙනකොට අපේ රටට ගෙන ඖෂධ වර්ග වල 85% ක් ඖෂධ අපි ආනයනය කරනවා වර්ෂයකට අවශ්‍ය ඖෂධ වර්ග මෙරට ආනයනය වටිනාකම ඩොලර් මිලියන අටසීයකට වැඩියි ඩොලර් මිලියන 500 ක් ගෙවන්න බැරි වෙච්ච ආණ්ඩුවට ද මේ වර්ෂයේ බෙහෙත් ටිකක් ගෙනල්ලා දෙන්න. ඒක ඔවුන්ට කරන්න බෑ