ඩයනා ගමගේ මහත්මියට අයත්ව තිබුණු පක්ෂය සමගි ජන බලවේගයට පරිවර්තනය කරමින් එහි අයිතිය මැතිවරණ කොමසාරිස්වරයා හරහා ලබා ගත් බව සමගි ජන බලවේගයේ ජතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .

“සමන්‍යයෙන් ඉඩමක් විකුණු විට එම විකුණුම්කරුට නැවත එය අයිතියි කියලා කියන්න බෑ, මගේ කියලා කියන්න බෑ, මෙක දේශපාලන ගණුදෙනුවක් එක ඉවර වුණාම මගේ කියලා තර්ක කරනවනම් මෝඩකමක් ” තිස්ස ත්තනායක කියා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේ විසිවන සංශෝධනයට පක්ෂය තිරණය කරේ විරුද්ධ චන්දය ලබා දිමටයි එහෙත් ඩයනා ගමගේ මහත්මිය 20ට පක්ෂව ලබා දිමේන් පක්ෂයේ තිරණය කඩ කර බැවින් සමගි ජන බලවේගයේ විනය කමිටුව විසින් ඩයනා ගමගේ මහත්මියට නිවහසට කරුණු කියන්න කිවුවත් එ සදහා පැමිණි නොමැති බවත් විනය කමිටුව මගින් ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපීමට තිරණය කර බවත් එම තිරණයට කතෲධිකාරි මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව තිස්ස අත්තනායක මහතා කියා සිටියේය .