හදවත් සැත්කමකට භාජනය කළ හරීන් ප්‍රනාන්දු මහතා ඉන් සුවය ලැබීමෙන් පසු  අපූරු වීඩියෝවක් ඉකුත් වී තිබේ.තමන් අසනීප වූ මොහොතේ සිට සුවය ලැබීම දක්වා වූ ගමනේදී තමන්ට ශක්තියක් වූ රෝහල් කාර්ය මණ්ඩලයට,සිය හිතමිතුරන්ට ඇතුළු සියලු දෙනාටම  ඔහු භාෂා තුනෙන්ම සිය ස්තූතිය පළ කොට තිබේ.
රෝහල්ගත වූ මොහොතේ සිට සුවය ලබා රෝහලින් පිටව යාම දක්වා සිදුවීම් ඇතුළත් ව අතිශය සංවේදී දසුන් එම වීඩියෝවේ අන්තර්ගත අතර එහි පසුබිම එය ඇත්තේ ඔහු  අතිශයින් ආදරය කරන වායෝ සංගීත කණ්ඩායමේ “සඳ අල්ලන්න ආස ගමනේ”ගීතයයි.