ඝන පුර්ණය නොමැතිවීම හේතුවෙන් හේතුවෙන් සම්මත කර ගත නොහැකි වූ අදහන භූමදාන වලටත් බදු ගහන ආණ්ඩුවේ නව වැට් සංශෝධන කෙටුම්පත යළිත් අද (11) ඉදිරිපත් කරන බව රාජ්‍ය පාර්ශවය සදහන් කරනවා.

ඊයේ විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට ලක් වූ, රටේ අතිශය වැදගත් බදු පනතක් වූ වැට් බදු පනත විවාදයට ගැනුණු අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් සභාව අද දහවල් 9.30 තෙක් කල් දමනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ විසින් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේ.

ඔහු කියා සිටියේ මෙම බදු පනතේ වත්මන් ආණ්ඩුව සිරවී ඇති බවත් එම පනත ගෙන එන අවස්ථාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නොපැමිණීමෙන් පෙන්නුම් කරන්නේ මෙම පනත වෙනුවෙන් පෙනීසිටීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

“වැට් කේස් එකේ ආණ්ඩුව හිරවෙලා ඉන්නේ. ඔභතුමා ඉස්සරවෙලා බලන්න ගණපූර්ණය ඉන්නව ද කියලා. ආණ්ඩුව බේරගන්න ආණ්ඩුවෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නෑ”