රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ භූමිකාව පාර්ලිමේන්තුවේ දී ඉන් පිටත දී නිසිලෙස සිදු කර යුතු බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ එක අරමුණක් වෙනුවෙන්, වත්මන් ආණ්ඩුව පලවා හැර ජනතා ආණ්ඩුවක් ගොඩනැගීමට හා ආණ්ඩු වෙනස්වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීමට පක්ෂ දේශපාලනයෙන් බැහැරව සියලුදෙනා එකට එකතු විය යුතු බවයි .