මහජන මතය ඇත්තේ කාටදැයි විමසා බැලීම සඳහා ජනාධිපතිවරණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අභියෝග කර සිටිනවා.

ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම මඟින් ඡන්ද 50% ක් ලබා ගැනීමට හැකියාව ඇත්තේ සහ නැත්තේ කාටදැයි එවිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.