පොහොට්ටුවයි යූඇන්පි එකයි දෙකක් කිව්වට පිටතින් එය දෙකක් වුවත් ඇතුළතින් එක එකක් බවත් රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ සමඟ හොර හොරාට කෝපි බිව්වා කියන කතා අසා තිබ්බත් අද එය අනාවරණය වී ඇති බවත් දැවැන්ත පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ විනාශ කළ බවත් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය නිර්මාණය නොකළා නම් අද එක්සත් ජාතික පාක්ෂිකයන් අනාථ වී ඇති බවත් ජේවීපී එක පවා රතු අලි පැටව් කියන එක අද යථාර්ථයක් වී ඇති බවත් මේ බලවේග සියල්ල එකට එකතු වී සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරන්න කටයුතු කරන බවත් ඇය පැවසීය.