විවිධ කැපිලි කෙටිලි මැද ආණ්ඩුවෙන් ලබා දුන් ස්ථානය ඉතා කුඩා ස්ථානයක් උනත් ලක්ෂ එකහමාරකට වඩා ජනතා සහබගිත්වයකින් ආණ්ඩුවට, පොහොට්ටුවට, යූ එන් පී එකට, ජේවීපී ඒකට වඩා ඉතාමත් සාර්ථක මැයි දින රැළියක් පැවැත්වූ බවත් සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙම දැවැන්ත ජන සහභාගීතවයත් සමඟ ඉදිරියේදී පැමිණෙන මැතිවරණ හතරක් අනිවාර්යයෙන් සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් එම ජයග්‍රහණයෙන් පසු, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පසු ඉතාමත් දුර්වල තැනකට පත්වූ, මැතිවරණ 6ක් පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගය සමඟ එක් කරන බවත්ය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරූ ඩඩ්ලි, ජෝන්, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි නායකයින් වසර 30ක් පමණ කෙටි කාලයක් තුල මේ රටට දැවැන්ත සංවර්ධනයක් උදා කරදුන් බවත් එම නායකයින් පාගා ගහන, කප්පම් ගන්න නායකයින් නොවන බවත් තමන්ගේ හැකියාවන් පෙන්වා රටට වැඩකර පෙන්වා ඇති බවයකයින් බවත් මේ වන විට සමගි ජන බලවේගය තුල එවැනි නායකයින් විශාල ප්‍රමාණයක් සිටින බවත් සුජීව සේනසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ කිසිඳු දක්ෂ මන්ත්‍රීවරයකුට ඉදිරියට පැමිණීමට ඉඩ නොදුන් අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ නොවන, හික්මීමක් ඇති, දුෂණ වංචා චෝධනා නොමැති නායකයෙක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ දක්ෂ නායකත්වයත් සමඟ වසර 10ක් පමණ කෙටි කාලයක් තුලදී රට සංවධානය කල හැකි බවත් සුජීව සේනසිංහ මහතා මැයි දින රැලිය අමතමින් ලක්ෂ එකහමාරකට අධික ජනතාවට අවධාරණය කරමින් කියා සිටියේය.