සංචාරක ක්ෂේත්‍රයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කර්මාන්තකරුවන්ගේ ක්ෂේත්‍ර මේ වන විට බරපතළ ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති බවත්, ඔවුන්ට ලබා දුන් ණය සහන සීමාව නැවත දීර්ඝ නොකිරීම හේතුකොට ගෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කබලෙන් ලිපට ඇද වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ විනිමය ශක්තිමත් කරන සංචාරක ක්ෂේත්‍රයත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයත් නැංවීම රජයේ වගකීම වුවත් වර්තමානයේ දී එය සිදු නොවන බවත් ආණ්ඩුවට ජන විඥාණය ගැන කිසිදු අවබෝධයක් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (03) පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.