සහල් මිල ළඟදීම තවත් රුපියල් 30 කින් පමණ ඉහළ යනු ඇතැයි  පසුගිය සතියේ තමන් කිව්වා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි .

ඔහු පවසන්නේ ,

ඒ කිව්ව විදිහටම සහල් මිල මේ සතිය වෙනකොට වැඩිවුණා. ඒ බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී තවත් උග්‍රවෙන්න පුළුවන්.

සහල් මිල පාලනය කර ගැනීමට තිබෙන එකම විසඳුම මේ සහල් මාෆියිව සමග තරග කළ හැකි ලෙස සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම පමණයි.

එය සදහා යහපාලන ආණ්ඩුවේ  “ශක්ති” සහල් වැඩසටහන මගින් කරල පෙන්නු බවත් ඔහු පැවසීය .

https://m.facebook.com/story.php?story_fbid=420053476155464&id=100044524445716