ගොවි ජනතාව පාරට ඇද දමා,ගොවිබිම් ටික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණා දමන තත්වයට රට පත් කොට ඇති ආණ්ඩුවෙන් විමසා සිටින්නේ දහසක් බලාපොරොත්තු තබාගෙන ආණ්ඩුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයකට කෙළෙහි ගුණ සලකන්නේ  මෙසේ දැයි කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා විසින්

මාතලේ තොටගමුව වෙල්යාය අසල ඊයේ(28) සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට ප්‍රදේශයේ  ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න , හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. 

ජනතාවට එදාවේලවත් පිරිමසා ගත නොහැකි මට්ටමට රට පත් කොට පෝලිම් යුගයක් නිර්මාණය කළ ආණ්ඩුව,ඒ අතරේ ගොවි ජනතාවට සිදු කොට ඇති විනාශය සාහසික විනාශයක් බවද පැවසීය.

තහනම් කළ පොහොර නැවවත් පිටමං කරන්නට බැරි ආණ්ඩුවක් ගැන කවර කතා දැයි විමසූ විපක්ෂ නායකතුමා,මැති ඇමතිවරුන් ගොස් තානාපතිවරුන් ළඟ දණ ගසා වැටෙන තත්ත්වයට පත්ව ඇතැයිද පැවසීය.රටේ අභිමානය තුට්ටු දෙකට දැමූ ආණ්ඩුවේ පුහු දේශප්‍රේමීත්වය මේ වන විට රටටම පෙනී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ගොවි ජනතාව රැක ගැනීමේ ,කෙත්වතු සරුසාර කිරීමේ වගකීම සමගි ජන බලවේගය භාර ගන්නා බව ද බව ද විපක්ෂ නායකතුමා පැවසීය .