ලබන 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතාවයට එක්වන ලෙසට සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් ආරාධනා කරන බවට දැක්වෙන ව්‍යාජ ෆේස් බුක් පෝස්ට් නිර්මාණය කරමින් මඩ ප‍්‍රචාරයක් දියත් කිරිමට කිසියම් පිරිසක් උත්සාහ ගනිමින් සිටී.

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ගේ අනුදැමකින් තොරව, එම මන්ත‍්‍රීවරුන්ගේ ඡුායාරූප භාවිතා කරමින් මෙම පෝස්ට් නිර්මාණය කර තිබේ.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක්, ස්වාධීන ජනතා නැගී සිටීම්වලට දේශපාලන මුහුණුවරක් එක් කිරීමට ගත් අසාර්ථක උත්සාහයක් ලෙස සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු මෙය ප‍්‍රතික්ෂේප කර ඇති අතර, සමාජ මාධ්‍ය වෙත මෙම පෝස්ට් එක් කිරීමට කිසිදු මන්ත‍්‍රීවරයෙක්ගේ සම්බන්ධයක් නොමැති බව දැනුම්දී සිටී.

දේශපාලන පක්ෂ පාඨ භේධවලින් තොරව ජනතාවට නැගී සිටිමට ඇති අයිතියට ගරු කරන සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු, ජනතා නැගී සිටීම් මර්දනය කිරීම සදහා රජය ගන්නා උත්සාහයන් තරයේ හෙළා දකී.