රජයට හිතවත් විවිධ ආයතන වලට විශාල වශයෙන් බදු සහන ලබා දී ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ජනතාවගෙන් විශාල වශයෙන් බදු අයකරගන්නා අත්තනෝමතික පාලන තන්ත්‍රයට එරෙහිව අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ පිරිසක් අද (02) දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට එරෙහිව මළබතක් උයා විරෝධතාවය දක්වයි.