රටේ නිවාසවල ආදායම් මට්ටම 60%කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩි වී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22ක් ණය බරින් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පෙරපාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනයගයේ නියැලෙන සියයට 55කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති නමුත් ආර්ථික අර්බුධය හමුවේ වුවත් 3.4% කගේ ආදායම වැඩිවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට මේ තත්ත්වයට පත්ව ඇත්තේ රජයේ අත්තනේමතික බදු බර වැඩි කිරීම නිසා බවත් හොරුන්ගෙන් වරම් ලබා ගත් ජනාධිපතිවරයා ගනු ලබන මෙවැනි තිරණ අනුුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ පාසල් සියල්ල සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය භාර ගන්නවා.

ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ පිහිටා තිබෙන රජයේ පාසල් 10,126 සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකයේ සෑම රටක් සමඟම කටයුතු කිරීමට හැකි ශක්තිමත් සුහුරු දේශයක් බවට ලංකාව ප්‍රතිනිර්මාණය කළහොත් බංකොලොත් භාවයෙන් රටට ගොඩ ගැනීමට හැකියාව තිබෙන බවත් විපක්ෂ නායකවරයා කීය.

පුරවැසි පරපුර ප්‍රගතිය කරා ගෙන යනවා වෙනුවට ප්‍රතිගාමීත්වය නිර්මාණය කරන දුර්වල අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක බවත් පරිඝණක විද්‍යාවට , තොරතුරු තාක්ෂණයට මුල් තැන ලබාදිය යුතු බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමක් තිබෙන කුසලතා රටේ පාසල් විශය නිර්දේශවලට ඇතුළත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වයස අවුරුදු 3 සිට විශ්ව විද්‍යාල වයස දක්වා අධ්‍යාපනයේ යෙදී සිටින සියයට 55 කට බලපෑම් එල්ල වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ පාසල් වල ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාවට ගොඩනගන්න ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ආරම්භ කරන බවත් එම වැඩපිළිවෙල හරහා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් සුහුරු පරිඝණක විද්‍යාගාර ඇතිකර ඒ තුළින් තොරතුරු තාක්ෂණය ශක්තිමත් කර සෑම සිසුවෙක්ම සුහුරු ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකිම භාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා හෙතෙම පැවැසීය.

යහපාලන රජයේ ඇතැම් නායකයන් හොරුන් ඇල්ලුවේ නෑ හොරුන් බේරා ගත්තා

2015 යහපාලන රජය රටෙන් සොරකම් කළ සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බවත් සොරුන් අල්ල බව පැවසූ නායකයන් හොරුන් බේරාගන්න ඩීල් ගැසූ නිසා එම වැඩපිළිවෙල අතරමග නතර වුණ බවත් එසේ නොකළානම් සොරකම් කළ සම්පත් රටට ලබාගෙන මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තිබූ බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

රටෙන් සොරකම් කළ සියලු දේපළ සම්පත් නැවත ලබාගෙන එම සම්පත් රටේ ජාතික ආදායම වෙනුවෙන් යොදවා මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කර සුහුරු රටක් , සුහුරු අධ්‍යාපනයක් , සුහුරු ශිෂ්‍ය පරපුරක්
බිහිකිරීමේ වැඩපිළිවෙල සමගි ජනබලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රජයේ පාසල් 57 කට ලක්ෂ 541 ක් වියදමින් සුහුරු පන්ති කාමර ලබාදී ඇති බවත් රජයේ පාසල් 80 ට සක්වල බස් රථ වැඩසටහන යටතේ ලක්ෂ 3892 ක් වටිනා බස් රථ පරිත්‍යාග කර ඇති බවත් රජයේ රෝහල් 56 කට ලක්ෂ 1719 ක් වටින් රෝහල් උපකරණ හුස්ම වැඩසටහන යටතේ ලබාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (29) හබරණ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දිමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ ලබා දිමේ අවස්ථාවට එක්වෙමිනි.