වර්තමානයේ ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික ගැටළු හේතුවෙන් රටට අවශ්‍ය ඉන්ධන සහ පොහොර එරටින් ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කිරීම සදහා, මෙරට නියෝජිත පිරිසක් මේ සති අන්තයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද, එම සංචාරය තවදුරටත් කල්ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සංචාරය සදහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වූ ආචාර්ය සමන් වීරසිංහ යන මහත්වරු සූදානම්ව සිටයද මෙම නියෝජිතයින් පිරිසට කලින් දැනුම් දී තිබුණු පරිදි අදාල සංචාරය මේ සතියේ දී සිදු නොවන බව පැවසේ.

පසුගිය සති අන්තයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ, රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව සාකච්ඡා කිරීම සදහා අමාත්‍යවරු දෙදෙනෙක් කඩිනමින් පිටත්ව යන බවයි.