ඉදිරියේදී නිර්මාණය කිරීමට යෝජිත සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය වන්නේ රටතුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) දින පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

1990 න් පසුව රටේ බිහිවී ඇත්තේ සන්ධානගත ආණ්ඩු පමණක් බවත් සමගි ජනබලවේගයටත් සන්ධානයක් නිර්මාණය කිරිමෙන් පමණක් මැතිවරණ ජයග්‍රහනය කළ හැකි බවත් පාර්ශ්වකරුවන් ගණනාවක් සමඟ මේවනවිට සන්ධානගතවීමට සාකච්ඡා කර ඇති බවත් කුමන බාධා පැමිණයත් ඒ සන්ධානය නිර්මාණය කිරිමේ වැඩපිළිවෙල නතර කරන්නේ නැති බවත් මරික්කාර් මහාත පැවැසීය.

සමගි ජනබලවේගයේ සැලුම් දොරක් නැති බවත් චෝදනා එල්ල වුණ කිසිදු අයෙක් සමගි ජන සන්ධානයට එකතු කරගන්නේ නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

‘‘වැට් බදු වැඩිවීම පිළිබඳ කතා කළොත් හිරේ දානවා කියලා ආණ්ඩුවේ පිරිස් කියනවා. තමන් විඳින පිඩනය , තමන්ගේ දරුවන් විඳින පීඩනය , තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නොතිබීම ගැන , රට විනාශ වී තිබීම පිළිබඳව , රටේ සිදුවන අපරාධ ගැන කතා කිරීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. ඒක ජන මතයක් නැති ආණ්ඩුවට නැති කරන්න බෑ. අද වෙද්ද දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට සපත්තු දෙකක් අරන් දෙන්න නොහැකි වෙලා තිබෙනවා. දරුවන්ට අවශ්‍ය පොත් ටික අරන් දෙන්න නොහැකිව දෙමාපියන් අසරණ වෙලා තිබෙනවා.

ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥයෝ දන්නේ රටේ ඉන්න ජනතාවගෙන් බදු අයකරගෙන රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පමණයි. රටේ අපනයනට වැඩි කරන්න කිසිදු පියවරක් නෑ. විදේශ ආයෝජන ගෙන්වා ගන්න කිසිදු විදේශ ප්‍රතිපත්තියක් නෑ. දිවන්ගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන කාලය තුළ අසීමිත බදු වැඩි කරලා ජනතාව අපහසුතාවයට පත් කළේ නෑ. ජනතාවට සහන ලබාදෙන්න ඇඟලුම් කර්මාතශාලා ඇති කර ඩොලර් මිලියන 19 ක අපනයන ආදායමකින් රාජ්‍ය ආදායම වැඩි කළා. සජිත් ප්‍රේමදාස මහතාගෙනුත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙවැනි වැඩපිළිවෙලක්. රටේ ජනතාවට අවශ්‍ය තමන් උපයන ආදායමෙන් ණය නොවී ජීවත් වීමට හැකි රටක්. එවැනි රටක් නිර්මාණය කරන්න බදු අඩු කළ යුතුයි , භාණ්ඩ මිල අඩු කළ යුතුයි. මේ දේවල් කරන්න රටේ අපනයන ආදායම වැඩි කළ යුතුයි , සෘජු විදේශ ආයෝජන ගේනන ඕන. හැබැටි රටේ දූෂණය වංචාව නැති වුනොත් තමයි විදේශ ආයෝජන ගේන්න පුලුවන් වෙන්නේ. වංචාව දූෂ්‍ය නැති වුණොත් තමයි ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇති වෙන්නේ.

රට තුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරිම තමයි සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය වෙන්නේ. සමාජ වෙළඳපොලක් ඇති කිරීමෙන් සාධාරණව මුදල් ඉපයීමේ අයිතියක් , සාධාරණව ජීවත් වීමේ අයිතියක් සහ සාධාරණය තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමේ අයිතියක් ලැබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් සමගි ජන සන්ධානය නිර්මාණය කරන්නේ එළඹෙන මැතිවරණ ජයග්‍රහය කිරීමට සහ ජනතාව පීඩාවට පත්කරන වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට. කුමන බාධන පැමිණියත් සමගි ජන සන්ධානය නිර්මාණය කර ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙල නිර්මාණය කරනවා. රට ගොඩ ගන්න බලය අවශ්‍ය වෙනවා. විපක්ෂයේ සිට කළ හැකි වන්නේ විවේඡනය කිරීම සඳහා වැඩපිළිවෙලවල් ඉදිරිපත් කිරීම පමණය. 1990 පසුව රටේ බිහිවුණේ සන්ධානගත ආණ්ඩු පමණයි. අපිටත් සන්ධානයක් නිර්මාණය කරලා තමයි ජයග්‍රහනය කරන්න සිදුවෙන්නේ. පාර්ශ්ව කරුවන් ගණනාවක් සමඟ සාකච්ඡා කරලා සන්ධානය නිර්මාණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. මොන බාධා ආවත් ඒ සන්ධානය නිර්මාණය කිරිමේ වැඩපිළිවෙල නතර කරන්නේ නෑ. ආණ්ඩුවේ සිටින අදූෂිත චෝදනා එල්ල නොවුන පිරිස් එකුවන පෙරහර ඊයේ ආරම්භ වුණා. සමගි ජනබලවේගය සැලුම් දොර ඇරලත් නෑ සල්ලිවලට මිනිස්සු ගන්නෙත් නෑ. චෝදනා එල්ල වෙලා තිබෙන කිසිදු අයෙක් අපි ගන්නේ නෑ.

සජිත් ප්‍රේමදාස , අනුර කුමාර දිසානායක සහ ධම්මික පෙරේරා තමයි 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ.
රට ගොඩ ගන්න තනි පුද්ගලයෙකුට කරන්න බෑ. ඒ සඳහා නිර්මාණශිලි , අද්දැකීම් තිබෙන , ක්‍රියාශිලි , ජවසම්පන්න කණ්ඩායමක් අවශ්‍ය වනවා. ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානය සතුවයි. සමගි ජන සන්ධානය බලයට පත්වන මාස 60 ඇතුළත රට ගොඩගන්නා වගකීම භාරගන්න සූදානම්.

වර්තමාන පාර්ලිමේන්තුව කෘතිමව හදපු ජන මතයක් නැති පාර්ලිමේන්තුවක්. ඒ පාර්ලිමේන්තුවෙන් තමයි රටට අහිතකර අණ පනත් සම්මත කර ගත්තේ. ඒ පාර්ලිමේන්තුවේ පිරිස් තමයි ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අනවශ්‍ය කොන්දේසි වලට එකඟ වුණේ. වැට් බද්ද ඇතුළු සියලු දේවල් වැඩි කරන්න අත ඉස්සුවේ මේ කෘතිම පාර්ලිමේන්තුව. ඒ නිසා විපක්ෂයේ වගකීම තමයි ඉදිරියේදී ගෙන ඒමට නියමිත භායානක අණ පනත් පරාජය කරන්න එකතු විය හැකි කණ්ඩායම් එකතු කරගැනීම.

රටේ සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාත්තය කියන්නේ ලංකාවේ පිහිටිම අනුව ස්වභාවිකව ලැබෙන ආදායම් මාර්ග. eco tourism , wildlife tourism ,medical tourism , IT tourism දියුණු කළාද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. medical tourism දියුණු කිරිමේන් දකුණු ඉන්දියානු වෙළදපොල සහ මාලදිවයිනේ වෙළඳ පොල ලංකාව තුළට ගේන්න පුලුවන්.

අයවැයෙන් මිලියන 50 ක් වෙන් කරලා තියෙනවා රටේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්න පරිගණක කියද ඒ මුදලින් ගන්න පුලුවන්.‘‘