හාල් ,කිරිපිටි ,සිමෙන්ති හා එළවළු පෝලිම් ඇති කර දරුවන්ගේ අධ්‍යනය විනාශ කළ රටේ අනන්ත අප්‍රමාණයක් තිබියේදිත් එක රටක් එක නිතියක් බවට පත් කිරිම විහිලුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි .

ඔහු පවසන්නේ කුජීත ආණ්ඩුව හෙට අනිද්දා ජනතාව විසින් ගල් ගහලා එලවන්න නියමිත බවයි.

ජනාධිපතිතුමා විසින් පත්කර කොමිසන් සභාවේ සමාජිකයන් පිළිබඳ ඉතා බලපතර ප්‍රශ්නයක් තිබෙන බවත් නැවතත් ජාතිවාදය අන්තවාදය ඇති කිරිමේ මුලික පියවරක් මෙය බවයි මන්ත්‍රීවරයා පවසන්නේ .

එක රටක් එක නිතියක් සදහා කොමිසම් සභාවක් ඇති කිරීමට වසර දෙකක් ගතවුයේ ඇයි දැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කර සිටින අතර මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති මොකද කියන්නේ යන්න මත්ත්‍රිවරයා අසා සිටියේ ය.

69 ලක්ෂය මේ ආණ්ඩුවේ කුපාඩිකම් තේරි ඇති බවත් ඉදිරියේදී වද කොත්තු වද පෙති පිළිබඳ ප්‍රචාරක ව්‍යාපෘති සිදු කිරීමට නියමිත බව පැවසූ මරික්කාර් මහතා ආණ්ඩුවට ජාතිවාදය අන්තවාදය ඇති කිරිමෙන් බලය රැක ගැනිම ප්‍රයෝගික නොවන බවයි කියා සිටියේය .

සටහන – CJ