ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටලු වලට සාධාරණ විසදුමක් වත්මන් ආණ්ඩුවෙන් ලබා දී නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහාතා පවසයි .

ඔහු කියා සිටියේ සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආබාධිත රණවිරුවන් වැටුප් ගැටලු විසදන බවත් එය සිදු කරන්නේ ඡන්ද ලබා ගැනිමේ බලාපොරොත්තුවෙන් නොවන බවයි .

පාස්කු වින්දිතයන් CIDයට ගෙන යාම අනුමත නොකරන බව පැවසූ සරත් ෆොන්සේකා මහාතා කියා සිටියේ සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ තමන් ආරක්ෂක ඇමතිවරයා වී පාස්කු ප්‍රහාරයට සාධාරණයක් නිසකව සිදු කරන බවත් එසේ කිරීමට නොහැකි වුවොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන බවයි .

මේ අදහස් දැක්වූයේ අද(03) පාර්ලිමේන්තුවේ දීය .