අද වෙනවිට විශාලා මහනුවරක් වගේ අවුල් වෙච්ච රටක් බවත් පවසන සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුණිල් මහතා අසා සිටියේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා කවියෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නයි .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ඒ තත්ත්වය තුළ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී ඉතාමත්ම වැදගත් කවියක් කිව්වා එය ජනප්‍රවාදයේ තිබිච්ච කවියක්. පිස්සන් රජ වුනත් එකයි,, රජු පිස්සෙක් උනත් එකයි ,,,කාගෙ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි ..මම හිතනවා ඒ සිත් ඇදගන්නා සුළු කවියක් කියලාග මේ දිනවල නිරන්තරයෙන් රජ්ජුරුවා සහ පිස්සන් ගැන කතා කරන කාලයක්. රජවරුන්ට පිස්සු කියනවා පිස්සන්ට රජවරු කියනවා. බන්දුල ගුණවර්ධන මහත්තයා මොන හිතකින් මොන අදහසකින් මේ කවිය කියනව ද දන්නේ නැහැ.”

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“පිස්සන් රජ උනත් එකයි කියන විට සැකයක් ඇතිවෙනවා. රජු පිස්සෙක් උනත් එකයි. එතකොට බන්දුල ගුණවර්ධන මහත්තයා නොකියා කියන්නේ රජ්ජුරුවොන්ට පිස්සු කියල ද . කාගෙ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි මාර අදහසක් තියෙන කවියක්. එක ඇත්ත බන්දුල ගුණවර්ධන මහත්තයාට කියනවා දැන් හාල් වලින් බබා ලැබිලා තියෙන්නේ සීනි වලින් ,පරිප්පු වලින් ,බෙහෙත් ඖෂධ වලින් ,සිමෙන්ති වලින්, ආහාර ද්‍රව්‍ය වලින් ,ඉන්ධන වලින් ,කිරිපිටි වලින් ගෑස්වලින් ,හැම කාරණයකින්ම ජනතාවට බබා හම්බ වෙලා තියෙන්නේ කාගෙ ගෑනු කාට ගියත් ඒ කියන්නේ අමාත්‍යංශය කාට ගියත් මොනවා කරත් කවුරු එක්ක සංවාදයේ යෙදුණත් ජනතාවට තමයි බබා හම්බ වෙලා තියෙන්නේ. මේ වෙනවිට රටම කඩාගෙන වැටිලා ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් ඉන්ධන අර්බුදය නිසා දුර බැහැරින් එන එළවළු ටික කොළඹට එන්නේ නැහැ. මාළු ටික කොළඹට එන්නේ නැහැ. ඒ වගේම මේ අර්බුදයක් එක්ක එළවළු ගිනි ගණන් එහිදී කියන්න තියෙන්නේ කාගෙ ගෑනු කාට ගියත් මොන ඇමතිවරයා මේක කරත් අපේ නමට ලැබෙයි ළමයි. හාල් පිටි කිරි පිටි ඩීසල් ඉන්ධන ආහාර ද්‍රව්‍ය එළවළු සිමෙන්ති ඇතුළු සියලු දේවල් වලට ජනතාවට මදි නොකියන්න හොදටම වැදිලා තියෙන්නේ. බන්දුල ගුණවර්ධනගෙන් අහන්නේ පිස්සන් රජ උනත් එකයි රජු පිස්සා උනත් එකයි කියන එක අතහැරලා දාමු. රජ්ජුරුවන්ට පිස්සු කියලා එතුමා කිව්වට අපි එක අත හැරල දාමු මේ ගෑස් සීනි ඉන්ධන කිරිපිටි ආහාර ද්‍රව්‍ය හැමදේකින්ම හම්බ වෙලා ඉන්න බබා කාගේද කවුද තාත්තා . බන්දුල ගුණවර්ධනගේ ද මහින්ද රාජපක්ෂගේ ද ගෝඨාභය රාජපක්ෂගේ ද කැබිනට් මණ්ඩලය ද ඒ නිසා විශේෂයෙන් අහනව මේ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන මහත්තයාට කවි කියලා හරියන්නේ නෑ ජනතාවට දීලා තියන බබාලා කාගේද තාත්තෙක් නැද්ද ගෝඨාභය රාජපක්ෂ ද තාත්තා ඒ නිසා අපි අහනව බන්දුල ගුණවර්ධන මහත්තයාගේ මේ බබාලා කාගේද මහජනතාවගේ ද දැන් ජනතාවට තමයි බබා හම්බ වෙලා තියෙන්නේ. එතකොට තාත්තාලා ටිකක් තමයි මේ කියන්නේ කිරිපිටි ගණන් යෑමෙන් සිමෙන්ති ආහාර ද්‍රව්‍ය වලින් එළවළු වලින් ගෑස්වලින් ඉන්ධනවලින් හාල්වලින් පිටිවලින් සීනි වලින් හැමදේකින්ම බබා හම්බ වෙලා ඉන්න ජනතාවට. මේ ජනතාවට බබාලා දීලා තියෙන බබාගේ අප්පච්චි කවුද ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ද බන්දුල ගුණවර්ධන ද මුළු කැබිනට් මණ්ඩලය ද මේ ආණ්ඩුවෙන් අපි අහනව ජනතාවට දීලා තියෙන බබ්බුන්ගේ අප්පච්චි කවුද? ඒ නිදා කාගෙ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කිව්වට මේ ආණ්ඩු ඒ කාලකන්නි පාලකයින්ගෙන් නමට තමයි හැම ළමයෙක්ම ලැබිලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඒ රාජපක්ෂ පවුල ප්‍රමුක පාලනයේ ඉන්න කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආන්ඩුවේ අප්පච්චිලාගේ නිර්මාණයන් නිසා තමයි අද ජනතාවට හති දාගෙන දාඩිය දාගෙන නලවන්න හම්බ වෙලා ඉන්න බබාලා ටික හම්බවෙලා තියෙන්නේ. බන්දුල ගුණවර්ධනට කියන්නෙත් බබා වගේ කවි කියල හරියන්නෙ නැති බව” තුෂාර ඉදුණිල් මන්ත්‍රීවරයා කියා සිටියේය.