දැන් ඇති. ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව අද(03) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පවතී මධ්‍ය හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

තවදුරටත් මේ ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බවත් එබැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් ජනතා අරගලය ආරම්භ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි ඉල්ලා සිටියේය.

මේ මොහොතේ රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයෙක් ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස විපක්ෂ නායකතුමා ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කළේය.

දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි මුසාවාදා වලට නොරැවටෙන ලෙසත් තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටවවීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද(03) පස්වරුවේ විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති හමුවකදීය.

මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්පල බවද පැවසීය.