මද්‍රව්‍ය ගෙන ගිය බවට චෝදනා ලත් කුරුණෑගල සංවිධායකගේ සාමාජිකත්වය අත්හිටුවීමටත්, දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමටත් වහාම කටයුතු සිදුකර තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් හදිසි මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

මෙම මාධ්‍ය නිවේදනයට අනුව,

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී ඇත.මේ පිළිබඳව අවධානය යොමු කළ පක්ෂය  වහාම  ක්‍රියාත්මක වන පරිදි අමිත බණ්ඩාර මහතාගේ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමටත් තීරණය කරන ලදී.

එමෙන්ම විසි දෙවන සිකුරාදා පැවැත්වෙන පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම තීරණ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කෙරේ.

යුක්තිය