වසර ගණනාවකට පෙර සිදු වූවත් තවමත් වින්දිතයන්ට යුක්තිය ඉටු නොවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය (EASTER SUNDAY ATTACK) සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් (volker turk) මහතා හමුවී තිබේ.

තවමත් යුක්තිය ඉටු නොවූ මෙම ඛේදනීය ප්‍රහාරයට මුල් වූ පුද්ගලයින් හා පසුබිම් වූ සියලු හේතුන් පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා කර ඇත.

මානව හිමිකම් මහකොමසාරිස්වරයා මේ බව ට්විටර් පණිවිඩයක් මගින් දැනුම්දී තිබෙන අතර එම ට්විටර් පණිවිඩය පහතින්,