යටත් විජිත සමයේ පවා ආරක්ෂා වී තිබූ අප රටේ බුදු සසුනට මේ වට විට බරපතල තර්ජන පැමිණෙමින් තිබෙන බව ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සමගි ජනබලවේගයේ කටාන ආසන සංවිධායක හිටපු අමාත්‍ය විජිත් විජතමුනි සොයිසා පැවසීය.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බුද්ධ ශාසනය ආරක්ෂා කර රැක ගත යුතුව ඇති බවත් එය රජයේ වගකීමක් සහ එය 1948 නිදහට පෙර අධිරාජ්‍යවාදී යුගයේ සුදු අධිරාජ්‍යවාදීන් පවා ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන මේ රටේ බෞද්ධ ජනතාවටත් බෞද්ධ ස්වාමීන් වහන්සේලාටත් ඒ ගෞරවය දළදා වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු සියලුම ස්ථාන රැක ගැනීමට සහ නඩත්තු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙන බවත් අභාග්‍යයකට මෙන් වර්තමාන රජයට මිහින්තලේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට නොහැකිව සිටින බවත් ඒ මහතා පැවසිය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම පොසොන් උත්සවයට වඩා විශාල නාස්තිකාර වියදම් රාජ්‍යයත් මැති ඇමතිවරුත් විශාල වශයෙන් කරමින් සිටින බවයි.

ඒ වගේම මස් ගේනවා මව් කිකිළියෝ ගේන්නේ නෑ බිත්තර ගේනවා නමුත් බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු වැන අමුද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය සහ වෙනත් උපකරණ ගේන්නේ නැහැ . අපිට මේ රජයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ, එකම විකල්පය මේ රජය ඉතාම ඉක්මනින් පෙරළා දැමීම කියන එක මතක් කරනවා

හිටපු අමාත්‍ය විජිත් විජතමුනි සොයිසා