රටක ජනමාධ්‍ය යනු ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවන කුළුණයි. එසේම, පාලකයා සහ ජනතාව අතර තීරක බලය ද වන්නේ ජනමාධ්‍යයි. එබැවින්, රටේ යහපැවැත්ම වෙනුවෙන් ජනමාධ්‍ය මගින් ඉටු කරන්නේ ඉතා සුවිශේෂී කාර්යභාරයකි. විකාශන අධිකාරි පනත වැනි පනත් මගින් එම සුවිශේෂී කාර්යභාර්යයට සිදුවන්නේ කුමක්ද ? 

විකාශන අධිකාරි පනත

සියලු ජනමාධ්‍යයන්ට සමබිමක තොරතුරු සැපයීම සඳහා අවශ්‍ය වතාවරණයක් සකස් විය යුතුයි. එනම්, මාධ්‍යවේදීන්ට තොරතුරු වාර්තාකරණය සඳහා නිදහසක් පැවතිය යුතුයි. මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ අයිතිය ජනමාධ්‍ය සතුයි. කෙසේ නමුත්, විද්‍යුත් විකාශන ආයතන නියාමනය සම්බන්ධයෙන් යම් නිශ්චිත නීතියක් පැවතිය යුතුය යන්න සැවොම පිළිගනු ලබන කරුණකි. එසේ වුවද ඒ සඳහා රජයේ මැදිහත් වීම සිදුවිය යුත්තේ සීමාකාරී තත්ත්වයන් යටතේය. නියාමනයක නාමයෙන් ආණ්ඩුව විවේචනය කරනු ලබන මාධ්‍ය මර්දනය කිරීම සිදු නොවිය යුතුයි. 

වත්මන් රජය ජනමාධ්‍ය නියාමනය සඳහා මේ වනවිට ඉදිරිපත් කර ඇති ලියවිල්ල මගින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හසුරුවාලීමට යම් උත්සාහයක නිරත වන බව පෙනී යයි. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බරපතළ ලෙස බලපෑම් ඇති කළ හැකියි. එබැවින් රජය සිදු කළ යුතු වන්නේ, නිදහස් මාධ්‍ය කර්මාන්තයක් වර්ධනය වීම සඳහා ආචාරධර්ම පද්ධතියක් සහ වෘත්තීය මාධ්‍යවේදීන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමයි.  

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය.