මෝල් හිමියන් කිහිප දෙනකු මෝල් මාෆියාවක් ක්‍රියාත්මක කර ගොවි ජනතාව සහ පාරිභෝගිකයන් විනාශ කරන බැවින් හර්ෂ ද සිල්වා මැතිතුමාගේ ශක්ති වැඩසටහනෙන් කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිය ලැබුවා සේ ඒ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කර කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම තුළින් සුදු අලියකු බවට පත්ව ඇති වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එකට එකතු වී තරගකාරි වෙලෙදපොලක් නිර්මානය කර වී ගොවියා රැකගන්නා බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (11) පොල්පිතිගම මහජන ක්‍රීඩාංගනයේ පැවැති වන්නි හත්පත්තු ගොවි සමුළුව අමතමිනි.

අප රටේ බීජ සුරක්ෂිතභාවය තහවුරු වන වැඩසටහනකට යොමු වී මේ සදහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු වී බීජ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන බවත් එය ජාතික ආරක්ෂාවට පවා වැදගත් වන බවත් ආනයන මත පදනම් වුවහොත් අනාරක්ෂිතභාවයක් ඇති වන නිසා බීජ හා රෝපණ ද්‍රව්‍ය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ඒ සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතිවලට ප්‍රවේශ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එහි දී වෘත්තීය ගොවියන් බිහි කර ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ඇති කර වෘත්තීය සුහුරු ගොවියා බිහි කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් මේ ගැටලුවලට තිරසර විසදුම් ලබා දෙන බවත් ගොවියා සමගි ඇති කර ගන්නා සමාජ ගිවිසුම කෘෂිකර්මාන්ත ජනාධිපති කාර්ය සාධන බලකායක් හරහා ගොවි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කර ගොවියා රජුන් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.