වත්මන් ආණ්ඩුව බලයට පත් සැම ආණ්ඩුවකම වැවිලි කර්මාන්තය විනාශ කළ බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ,

“මේ ආණ්ඩුව බලයට පත් වූ හැම අවස්ථාවෙම වැවිලි කර්මාන්තය විනාශ වුණා .එයට හේතුව 1972 සමාජවාදී සුද්දා පාවිච්චි කරපු වතු සමාගම් හොඳින් නඩත්තු කරමින් සිටියදී තමයි බලහත්කාරයෙන් වතු පවර ගන්න කටයුතු කළේ. එයට දේශපාලනිකයින් දාල වැවිලි කර්මාන්තය විනාශ කළා. නැවත වරක් මේ ආණ්ඩුව බලයට ඇවිත් ඊනියා පොහොර තහනමත් එක්ක වැවිලි කර්මාන්තය විනාශ කරන්න කටයුතු කරමින් සිටිනවා . වැවිලි සමාගම් මැසිවිලි නගනවා ජාත්‍යන්තර වශයෙන් තිබුණු කිර්තිය නැතිවීම ගැන. සිලෝන් ටී නාමය අද නැතිවෙන තත්ත්වයට මේ ආණ්ඩුව පත් කළා . අපට තේරෙන්නෙ නැහැ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට මේක තේරෙන්නේ නැද්ද කියලා. මේ තීරණ නිසා ආර්ථිකය විනාශ කළ ඇති බව” මන්ත්‍රීවරයා කියා සිටියේය.

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“ගෝඨාභය රාජපක්ෂ මහතා ගත්ත අමනෝඳ තීරණය නිසා වැවිලි කර්මාන්තය අභාවයට පත්වෙලා .එම තීරණයේ දී මුළු ලෝකෙම විද්වතුන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න විද්වතුන් හැම කෙනාම ප්‍රකාශ කළා ලෝකෙ කොහේවත් රසායනික පොහොර එකවර තහනම් කර නැහැ කියලා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැය 24 න්තීරණය කරාම පැදිලිවම තේ වගාවට රබර් වගාවට බරපතළ ලෙස බලපානවා. එහිදී රසායනික පෝහොර පමණක් නොවෙයි තේ කර්මාන්තය පවත්වාගෙන යන්න පළිබෝධ නාශක, වල් නාශක, දෙකම අත්‍යවශ්‍ය වෙනවා. ඒවා එකක් වත් නැතුව එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ ගත්ත තීරණය නිසා වැවිලි ක්ෂේත්‍රයට බරපතළ තත්ත්වයක් උදාවෙලා .අද අස්වැන්න අඩක් අඩුවෙලා කුඩා තේ වතු හිමියෝ ලක්ෂ ගණනක් මේ රටේ ජීවත් වෙනවා. අද ඒ අය අන්ත අසරණ වෙලා අපි කියන්නේ පොහොර ප්‍රශ්නය පොහොර මිටියක් හොයාගන්න විදියක් නැහැ. හොයාගත්තත් රුපියල් දහදාහකට ආසන්න ගෙවන්න වෙනවා ඒක කාටවත් දරාගන්න බැහැ. සේවක කුලිය මදි කම නිසා එම අයට ජීවත් වෙන්න පුළුවන් කමක් නොමැති බව” පැවසීය .

මේ අදහස් දැක්වූයේ අද(10) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .