ජනතා අරගලය වන්නේ සියලු රාජපක්ෂවරුන් ගෙදර යැවීම බවත් ඒ සටනේ අවසානය දක්වා ගමන් කිරීමට සමගි ජන බලවේගය තින්දු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ සියලුම වෘත්තියවේදීන් සමඟව ඒකාබද්ධව මෙම සටන ඉදිරියට ගෙන යන බවයි .

වත්මන් ආණ්ඩුවට එරෙහිව 6 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාර සඳහා සියලුදෙනා කඩසාප්පු වසා දමා කලු කොඩි ඔසවා එයට සහයෝගය ලබා දෙන ලෙස රාජිත සේනාරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතා අරගලය සාර්ථක වන්නේ වැඩ කරන පන්තිය පාරට බැසිමේන් බවත් මෙය වත්මන් ආණ්ඩුවේ අවසානය බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

සටහන – CJ