අනුර කුමාර දිසානායක මහාතා විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට නැගු චෝදනා සම්බන්ධයෙන් අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ ,

“ඊයේ දිනයේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ඇතුළු එතුමාගේ කණ්ඩායම දූෂණ වංචා හෙළිදරව් කිරීමක් කළා. ඒ ගැන බොහොම සතුටුයි ඒ අතර අපිත් බොහොම කතා කරපු කරුණු කාරණා ඉදිරිපත් කරපු දූෂණ වංචා ගණනාවක් තිබුණා. ඒ වගේම තවත් අවධානයට යොමු නොවූ දූෂණ වංචා ගණනාවක් හෙළිදරව් වුණේ නැහැ .හැබැයි ඒ අතරතුර දේශපාලන අරමුණු වෙනුවෙන් ෆයිල් කිහිපයකුත් දැක්කා. විශේෂයෙන්ම අද මම අවධානය යොමු කරන්නේ එතුමා හෙළිදරව් කිරීමක් කළා මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශාල වංචාවක් වුණා මුදල් අවභාවිතාවක් වුණා කියන කාරණය සම්බන්ධව.

විශේෂයෙන්ම 2015 ආණ්ඩුවේ අන්තිම වසරකට ආසන්න කාලයක් සංස්කෘතික ඇමතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා විදියට කටයුතු කළා. ඒ කාලයේ මුදල් අවභාවිතාවක් වුණා කියන කාරණය තමයි ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ හෙළිදරව් කළේ.

ඒ ගැන පැහැදිලි කරනවා නම් එම වකවානුවේ 2019 දී මාර්තු මාසේ 07 වෙනිදා ගරු අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් බෝඩ් එක කැඳවලා තිබෙනවා .මාර්තු පහළොස් වැනිදා මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවල තියෙනවා. ඒ කැඳවීම කරලා තිබෙන්නේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා එය කැඳවීම් කර තිබුණේ අරලියගහ මන්දිරයට .එහිදී මේ බෝඩ් එකේ නිලධාරීන් දොළොස් දෙනෙක් ඉන්නවා නිල වශයෙන් පත්වෙන අය අග්‍රාමාත්‍යවරයා රේඛීය අමාත්‍යාංශයේ ඇමැතිවරයා ජෝන් අමරතුංග ,මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්, මනෝ ගනේෂන් ,අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත වන ඇමතිවරු ඇතුළු නිලධාරීන් ඊට අමතරව දඹර අමිල ස්වාමීන් වහන්සේත් මේ කමිටුවේ පත් කරපු අය විදිහට ඉන්නවා ඒ විදියට කැඳවීම් කිරීම සඳහා ලිපිය සමන් ඒකනායක මැතිතුමා විසින් 2019 මාර්තු 07 යවා තියෙනවා ඒ අනුව මාර්තු පහළොස් වැනි දා රැස් වෙලා තියෙනවා එහිදී ඒ සඳහා මේ පනතට අනුව හතර දෙනෙක් තමයි නිල බලයෙන් ඝනපූර්ණය විදිහට සඳහන් වෙන්නේ හැබැයි එදින හත් දෙනකු සහභාගි වෙලා තිබෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලේකම් සමන් ඒකනායක මහතා සජිත් ප්‍රේමදාස මැතිතුමා, ජෝන් අමරතුංග මැතිතුමා, දඹර අමිල හිමි සමන් ඒකනායක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මණ්ඩාවල මහතා, අමාත්‍යාංශ ලේකම් බර්නාඩ් වසන්ත කියන මහත්වරුන් රැස් වෙලා තියෙනවා.

ඒ අය අතරෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්පූර්ණ සාකච්ඡාවට සහභාගි වෙලා නැහැ එතුමාගේ අත්සන නැති වුණාට සහභාගි වුණ ඉතුරු හය දෙනාම අත්සන් කරලා තියෙනවා ඒ පහළොස් වෙනිදා තිබුණ මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂක මණ්ඩලයේ දී පාලක මණ්ඩල පත්‍රිකා අංක 208/6/1 වැය ඇස්තමේන්තුව යටතේ මුදල් මේ වසර සඳහා වෙන් කිරීමක් සිදුවෙලා තියෙනවා. ඒ මුදල් වෙන් කිරීම 2019 වසරේ අදායම් විදියට මිලියන 5250ක් සදහන් වෙලා තියෙනවා වියදම් විදියට මිලියන 5250ක් සදහන් වෙලා තියෙනවා. එහිදී අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මුදල් වෙන් කර ගැනීමක් පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා එහිදී එය නෛතිකව සිදුවෙලා තියෙනවා. මුදල් මණ්ඩලයේ අධ්‍යක්ෂක අත්සන් කර තියෙනවා. අමාත්‍යංශ ලේකම්වරයා අත්සන් කර තියෙනවා. එසේ දෙදෙනාම අත්සන් කරපු මුදල් වෙන් කිරීම 2019 මාර්තු 15 අරලියගහමන්දිරයේ රැස්වුණු අධ්‍යක්ෂක මණ්ඩලයේදී සිදුවෙලා තියෙනවා. නමුත් අනුර කුමාර දිසානායක මැතිතුමන්ලා කිව්වේ මුදල් වෙන් කිරීමක් සිදුවෙලා නැහැ මුදල් අවභාවිතාවක් සිදුවෙලා තියෙනවා කියලා. අගමැතිවරයා අත්සන් කරලා නැහැ කිව්වා පැහැදිලිවම 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනත යටතේ පැහැදිලිවම තියෙනවා සභාපති වරයා යම් රැස්වීමකට සහභාගි වෙලා නොමැති අවස්ථාවක පැමිණ සිටින අයගෙන් තෝරා පත් කරගත් අයෙකු විසින් රැස්වීමේ මුලසුන ගන්න පුළුවන් කියන කාරණය. ඊට අමතරව ඝනපූර්ණය හතරයි කියලා තියෙනවා බහුතරයකගේ අනුමැතියෙන් මුදල් වෙන් කර ගැනීම පුළුවන් කියන එක පනතේ පැහැදිලිව තියෙනවා .එහි අගමැතිවරයාගේ අනුමැතියක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ.

ඒ වගේම මේ සම්බන්ධව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂක මණ්ඩලයේ මිනිට්ස් ඊට පස්සේ ඇවිල්ල තියෙනවා, අනුමැති ලැබිලා තියෙනවා සහභාගී වූ අයගේ නම් තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලයට අමතරව මුදල් අමාත්‍යංශයේ ඉදල තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල ඉඳලා තියෙන විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල 2019 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව අනුමත කරගෙන තියෙන්නේ මුදල් අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියත් ඇතුළත්ව .ඒ නිසා පැහැදිලිවම මේ මුදල් වෙන් කර ගැනීම මාර්තු මාසයේ සිදු වෙලා තියෙනවා.

ඊට අමතරව පැහැදිලිව කියන්න පුළුවන් මේ මුදල් මොනවටද පාවිච්චි කරේ කියන කාරණය එය පාවිච්චි කර තියෙන්නේ කියලා මේ රටේ වෙහෙර විහාරස්ථාන ගොඩනගන්න ඒ වගේම ආදාහන පූජෝත්සවය අවමංගල කටයුතු සඳහා ස්වාමීන් වහන්සේලාගේ එය දේශපාලන භේදයකින් තොරව රට පුරා සියලුම පන්සල්වලට ස්වාමීන් වහන්සේලාට ආදාහන පූජෝත්සවය වෙනුවෙන් මුදල් වෙන්කර තියෙනවා. එහි සියලු තොරතුරු තියෙනවා පෙරහර මංගල්‍යය සහ සාහිත්‍ය මංගල්‍ය සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. මිලියන 18ක් ඇස්තමේන්තු යටතේ.විවිධ පරිත්‍යාගයන් කරලා තියෙනවා ඒ වගේම විශාල ප්‍රමාණයක් පාස්කු ප්‍රහාරයෙන් හානි සිදු වූ පල්ලි සඳහා මුදල් වෙන් කරා ඒ ගැන පැහැදිලිවම සඳහන් වෙනවා කටුවාපිටිය දේවස්ථානය සඳහා ලක්ෂ 162ක් වියදම් කරලා අනෙකුත් දේවස්ථාන සඳහා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා වෙහෙර විහාරස්ථාන ගණනාවක් සදහා මුදල් වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 1100 ට ආසන්නව වෙන් කරලා තියෙනවා දේවස්ථාන හදන්න. වැදගත්ම දේ තමයි මේවා හැදුවේ කවුද කියන එක මේ ආණ්ඩුව කරන්නේ පුළුවන් තරම් ගජමිතුරන්ට කොන්ත්‍රාත් දීම නමුත් මේ ඉදිකිරීම් සියල්ලක්ම කරල තියෙන්නේ රජයේ ආයතන ඉංජිනේරු සංස්ථාව ගොඩනැගිලි දෙපාර්තමේන්තුව nemo ආයතනය, රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා නාවික හමුදාව මේ විදියට සෑම ඉදි කිරීමක්ම කරලා තියෙන්නේ අපේ රටේ හරහා රාජ්‍ය ආයතන විසින් .අපි සතුටු වෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා මේ ගැන ඉස්මතු කිරීම හරහා අපිට මේවා නැවත හෙළිදරව් කරන්න පුළුවන් වුණා. මේවා රාජ්‍ය ආයතන පාවිච්චි කරලා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රුපියල් බිලියන 4.1 ට ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා තියෙන්නේ .ඒ අතර වැටුප් ගෙවීම් අනෙකුත් පුරාවර්තන වියදම් ඉදිකිරීම් සියලුම මුදල් වියදම් කරලා තිබෙන්නේ ඒවා රාජ්‍ය ආයතන විසින් සිදුකරපු බව වගකීමෙන් කියනවා. ඒ නිසා මේ සම්බන්ධව auditor general වාර්තා තියනවා අවස්ථා තුනක් එඩිට් කරල තියෙනවා ගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ට කියනවා මෙහි මොනව හරි තැනක වංචාවක් දූෂණයක් ගැන කියනවා නම් අපිට පෙන්වන්න මේ කරල තියෙන්නේ මේ රටේ වෙහෙර විහාරස්ථාන හදලා තියෙන එක. අපි දන්නවා පාස්කු පෙහාරය වෙලාවේ කටුවාපිටිය ප්‍රදේශයේ පල්ලි ගණනාවක් කැඩුවා ඒ සියලුම මුස්ලිම් පල්ලිවලට මුදල් දුන්නා බිංගිරිය ආසනයේ හතරකට දුන්නා නැගෙනහිර කුලියාපිටිය බටහිර කුලියාපිටිය පඬුවස්නුවර විශාල පල්ලි ප්‍රමාණයකට සල්ලි දීල තියෙනවා මේ අරමුදල යටතේ එනිසා මේ අරමුදලේ මුදල් කොහේවත් ප්‍රචාරක කටයුතුවලට පාවිච්චි කරලා නැහැ සංගීත සංදර්ශන තියන්න පාවිච්චි කරලා නැහැ ටී ෂර්ට් ගහන්න පාවිච්චි කරලා නැහැ හැබැයි 2015 ට කළින් මේ අරමුදලේ මුදල් ටී ෂර්ට් ගහන්න වෙනත් දේශපාලන කටයුතුවලට පාවිච්චි කරල තියෙනවා මේ අරමුදලේ තඹ සතයක් වත් සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසිදු වෙනත් කටයුත්තකට පාවිච්චි කරලා නැහැ අඩුම ගානේ එතුමාගේ අනෙකුත් අමාත්‍යංශයේ නිවාස ඉදිකිරීම් කරන්නවත් පාලම් බෝක්කු හදන්න පාවිච්චි කර නැහැ සියල්ලක්ම පාවිච්චි කරල තියෙන්නේ සිංහල බෞද්ධ කතෝලික හින්දු, ඉස්ලාම්, දේවස්ථාන හදන්න පූජකවරුන්ට උදව් කරන්න ස්වාමීන් වහන්සේලාට උදව් කරන්න තමයි පාවිච්චි කර තිබෙන්නේ .ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් මේ auditor general රිපෝට් තුනක් තියෙනවා එහි කොහේවත් සඳහන් වෙලා නෑ මේ මුදල් අවභාවිතාවක් ගැන පැහැදිලිවම මේ හැම සතයක් ම රටේ සංස්කෘතික අරමුදලේ භාවිතාවන් සඳහා පමණ පාවිච්චි කළේ ඒ වගේම දහම් පාසල් ගොඩනැඟිලි ඉදිකර තිබෙනවා පෙරහැරවල් වලට සල්ලි දීලා තියෙනවා ඒ නිසා මේ වෙලාවේ හොරුන්ගේ ෆයිල් අතරට තමන්ගේ දේශපාලන file එකකුත් දාලා දේශපාලන ප්‍රති විරුද්ධවාදීන්ගේ ෆයිල් දාලා දේශපාලන ඉලක්ක ජයගන්න උත්සාහ කිරීම හරහා වෙන්නේ වෙන මොකුත් නෙමෙයි හොරුන් යම් දවසක මේවා ඉදිරියේ නඩු කටයුත්තක් වැටෙනවා මේ ගැන දන්න මිනිස්සු කතා කරන කොට ඇත්ත හොරුත් නිවැරදිකරු බවට පත්වෙනවා. මේ වගේ අසාර්ථක දේශපාලන ව්‍යාපෘති තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මේ හොරුන්ගේ file අස්සට දැමීම හරහා ඒ නිසා අපි බොහොම කනගාටුවෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා මේ කරපු කටයුත්ත ගැන.

මේ හැම එකක්ම විගණනය කරලා තියෙන්නේ සියලු තොරතුරු තියෙනවා රටේ සමස්ත ජනතාවට ජනතා විමුක්ති පෙරමුණට මාධ්‍යවේදීන්ට ඕන කෙනෙකුට කියනවා විපක්ෂ නායක කාර්යාලයේ මේ සියලු ලිපි ගොනු කියලා තියෙනවා ඒවා ඇවිත් පරික්ෂා කරලා බලන්න සෑම මාසයකම ගෙවීම් සාරාංශ සියල්ලක්ම තියෙනවා . එය කාට හෝ අනුර කුමාර දිසානායක මහත්තයට හෝ බලාගන්න අවශ්‍ය නම් විපක්ෂ නායක කාර්යාලයේ මේ ලිපි තියෙනවා අපට තියන කණගාටුව අපි දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට හතුරො ඉන්නවා ඒතුමා අභියෝගයක් විදිහට දකින අයට එතුමාව මේ වෙලාවේ වට්ටන්න ඕන අය ඉන්නවා නමුත් අනුර කුමාර දිසානායක මහත්තය වගේ පක්ෂයකින් මේ වගේ සාවද්‍ය ලිපිගොනු ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ. එතුමා කිව්වේ 2019 ඡන්දයට ඔන්න මෙන්න කියලා අනුමැතිය අරගත්ත කියලා. ඒක පට්ටපල් බොරුවක් මේ 2019. 11 මාසයෙ රැස්වීම කැඳවන්න සූදානම් කරලා තිබෙනා ඒ වෙලාවේ circulate කරලා මුදල් වෙන් කර ගත්තට එය එක එක ව්‍යාපෘති සඳහා ඉදිකිරීම් යන අතරතුර ආවරණ අනුමැතිය ලබා ගන්නවා අපි හොයල බැලුවොත් මධ්‍යම සංස්කෘතික අරමුදල බෝඩ් එකක් වසරකට වරක් හෝ දෙකක් තමයි රැස් වෙලා තියෙන්නේ දැන් පස්සේ දෙවෙනි රැස්වීමේදී බෝඩ් පේපර් ගණනාවක් circulate කරන අනුමත කරලා තියෙනවා මංගල සමරවීර මැතිතුමා ජෝන් අමරතුංග මැතිතුමා මනෝ ගනේෂන් බර්නාඩ් වසන්ත මහත්තයා සියල්ල අත්සන්කර තිබෙනවා ඒ නිසාම සෑම දෙයකටම අනුමැතිය තියෙනවා අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ අනුමැතිය ගන්නේ මැතිවරණයට ඔන්න මෙන්න තියලා කියලා ඒක බොරුවක් අනුමැතිය අරගෙන තියෙන්නේ මේ මුදල් සඳහා 2019 මාර්තු මාසේයේ ඒ නිසා බොරු කියන්න එපා අනුර කුමාර දිසානායක මහත්තයෝ ඒකෙන් වෙන්නේ ඔබතුමන්ලා හෙළිදරව් කර සත්‍ය හොරකම් පවා නිෂේධ වෙනවා දියාරු වෙලා යනවා. මේ කටයුතු නිසා අපි පැහැදිලිව අභියෝග කරනවා විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා මේ සියළුම ලිපි ගොනු විවෘතව තබනවා ඕනම වෙලාවක විපක්ෂ නායක කාර්යාලය ඇවිත් ඕන කෙනෙකුට බලන්න පුළුවන්.

අපිත් කියනවා මේ රටේ හොරුන්ට දඬුවම් දෙන්න ඕන ඒ මුදල් නැවතත් පත් කරගන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් මෙතුමාගේ පියා ජනාධිපතිවරයෙක් තමයි හැබැයි 94 පස්සේ මේ රටේ භූමිය දේශපාලනය කරමින් එතුමා ගත කරපු දේ ජීවිතය ගැන පෞද්ගලිකව දන්නවා මේ රටේ මිනිස්සු දන්නවා එතුමා සැප සම්පත් වින්ඳද කියන්න අපි දන්නවා අවුරුදු විස්සකට එහා දේශපාලනය කරලා මිනිස්සු එක්ක ඉදලා එතමා සැප විඳලා නෑ එතුමා කොළඹ ජෝගි නැටුවේ නෑ රට රාජ්‍යවල ගිහිල්ලා සංචාර වල යෙදුනේ නැහැ මම අභියෝග කරනවා මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න නම් කියවෙන කිහිප දෙනාගේ පාස්පෝට් බලන්න වැඩියෙන්ම රට ගිහිල්ලා තියෙන්නෙ අයගේ පෙළගස්වන බැලුවොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නේ යටම රට සවාරි යන විනෝ ද වෙන විනෝද වෙන රට රාජ්‍යවල ගිහිල්ලා නිවාඩු ගත කරන දේශපාලඥයෝ ඕනතරම් මේ සමාජ ඉන්නවා හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා එහෙම කෙනෙක් නෙමෙයි ජනතාවත් එක්ක දහඩිය මහන්සිය සමග පොළවේ පය ගහලා මිනිස්සු එක්ක ජීවත් වෙන එක තමයි විනෝදාංශයයි එහෙම දේශපාලඥයින්ට මඩ ගහන්න එපා අඩුපාඩු තියෙන්න පුළුවන් සමගි ජන බලවේගයේ අඩුපාඩු තියෙන්න පුළුවන් හැබැයි මේ වගෙ දේශපාලනඥයෙක්ට ජනතාව ආදරය කරන කෙනෙකුට බොරු අපරාධ අවලාද නගන්න එපා .පැහැදිලිව එතුමා නිවැරැදි ක්‍රමවේද තුළින් මුදල් වියදම් කරලා තියෙද්දී මේ පොළොවේ හදපු දහම් පාසල් ගොඩනැගිලි ඉදි කරපු පල්ලි තියෙන්නේ දේවස්ථාන තියෙද්දි එහෙම චෝදනා කරන එක වැරදියිමේ තුළින් අනෙකුත් වංචා දූෂණ දියාරු වෙනවා එම නිසා අනුර කුමාර දිසානායක මහත්තයා දේශපාලන ගේම් ගහන්න එපා ඒවා ගහන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කිරීම හරහා ඔබතුමන්ලාගේ සැබෑ අවශ්‍යතාවය සැබෑ ඉලක්කය වෙනත් දිසාවකට යොමු වෙනවා ඒ නිසා සැබෑ හොරුන් සැබෑ මංකොල්ලකාරයෙක් සැබෑ මහජන දේපළ හා භාවිතා කරපු මිනිසුන් නිදොස් වෙනවා ඒ නිසා අපි ඒකට ඉඩ තියන්නේ නැහැ .අපි ගාවත් තියෙනවා අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වට වඩා ලිපිගොනු සුනාමි මංකොල්ලයේ ඉඳන් ගනනාවක් තියෙනවා අපිත් ඉදිරියේදී ඒවා ඉදිරිපත් කරන්නම් අපේ පැත්තෙන් හොරකම් කරපු අය ඉන්නවනම් චෝදනා කරන්න ඒකෙ ප්‍රශ්නයක් නැහැ එම නිසා පැහැදිලිව රටේ ජනතාවට කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව මේ නඟලා තියෙන අවලාදය මේ රටේ ස්වාමීන්වහන්සේලාට ආරාධනා කරනවා මේ රටේ වෙහෙර විහාරස්ථාන හදපු තැන්වල ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා දහම් පාසල් සිසුන් ආරාධනා කරනවා මේවා නිවැරදි කරන්න එසේ නිවැරදි කරලා ඇත්ත කියල දෙන්න.”

යනුවෙන් විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසීය .