අද දින පාර්ලිමේන්තු වරයා ආරම්භ කරන බවත් හෙට දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ගෙන එන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

කාවින්ද ජයවර්ධන මහතා ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට එක්ජ්වෙමින් මෙම අදහස් ප්‍රකාශ කල අතර දාස හපුවලානගේ සුවාරිස් කාටූනය උපුටා දක්වමින් ප්‍රකාශ කලේ සෞඛ්‍ය අර්බුදයත් සමඟ තම ජීවිතයත් සමග පොරබදින රෝගීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාස භංගයට සහයෝගය දැක්විය යුතු බවයි.

මේ රටේ පාලකයින්ව  ජනතාව විසින් සේවාවන් සැපයීමට තෝරා පත්කර පාර්ලිමේන්තුවට ඒවා ඇති බව තවමත් තේරුම් අරන් නැති බව පැවසූ ජයවර්ධන මහතා කියා සිටියේ මෙම විශ්වාසභංගයට මහා ජනයාට සහබාගී විය හැකි නම් සොඛ්‍ය ඇමති ධුරය පමණක් නොව මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයකට පාර්ලිමේන්තු ආසනය පවා නතුවන බවයි.