සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ජීවිතයට අනතුරක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා සාක්ෂි සහ හඩපට ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රාමනායක මහතාගේ ආරක්ෂාව ඉවත් කොට දෙවතාවක් කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති බවකි.

එමෙන්ම පසුගිය කාලයේදී රාමනායක මහතා අධිවේගී මාර්ගයේ කරාපිටියට රැගෙන ගොස් ඇති නමුත් මේ වනවිට රාමනායක මහතා සාමාන්‍ය මාර්ගය ඔස්සේ කරාපිටියට රැගෙන ගොස් ඇති බවකි.

මේ ආකාරයට ඉකුත් කාලයේදී හම්බන්තොටදී බන්ධනාගාර සැකකරුවන් මරා දැමූ ඉතිහාසයක් ඇති බව පෙන්වා දුන් වෙදාරච්චි මහතා රාමනායක මහතාගේ ජීවිතයටද අනතුරක් මතුව ඇති බව පෙන්වා දුන්නේය.