වත්මන් පාලනය යටතේ 2022 වනවිට රටේ ජනතාවට කෑමත් නොමැති වනු ඇති බවට තමන් මුලදීම පළ කළ අනාවැකිය 2021 අග වනවිටම සනාථ වෙමින් ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“ගොවියො කියනවා අපට කාබනික පොහොර ඕනෙත් නෑ, අපට ඔබගේ නොමිලේ පොහොර පැකට්ටුව ඕනෙත් නෑ, කඩවල්වලට පොහොර ටික දාපියව් සල්ලි දීලා හරි පොහොර ගන්න කියලා. මිනිස්සු තවම කිරිපිටි පෝලිම්වල ඉන්නවා. මේවාත් දැනෙන්නෙ නැත්නම් ආණ්ඩුවට ලාදුරු හැදිලා වෙන්න ඕනෙ.

මම එදා කිව්වා 2022 වෙනකොට කන්න නෑ කියලා. අද 2021 මේ අන්තිම කාලෙ යන්නෙ. අද කන්නත් නෑ, බොන්නත් නෑ, ගෑසුත් නෑ, පෙට්‍රලුත් නෑ. අද මිනිස්සු දැන් මේ පඹයින්ටනේ අල්ලාගෙන ගහන්නෙ, ඇත්තටම මම කියනවා රාජපක්ෂවරුන්ට එළියට බහින්න බැරිවෙනවා තව ඉස්සරට යනකොට. රාජපක්ෂ කියන වාසගම ඇහුණු ගමන් නිකම් පාරෙ යන අයටත් අල්ලාගෙන ගහයි මිනිස්සු. ඒ තරමටම රාජපක්ෂ කියන නම විනාශ වෙලා ඉවරයි”

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.