මේ මොහොත වන විට රාජද්‍රෝහී දේශද්‍රෝහී ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව එතිහාසික පුද බිමෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර ඇති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂා කිරීමේ වගකීම පවා උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

මෙම පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම මැර ක්‍රියාවක් ලෙස හදුන්වන බවත් එයට හේතුව එසේ ආරක්ෂාව ඉවත් කිරීම තුළින් එහි ඇති ඓතිහාසික  වටිනාකමක් සහිත පුරාවස්තු, සොරුන්ට නිරාවරනය වන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.