හෙටට යෙදී තිබෙන 75වන නිදහස් දින පණිවුඩය මගින් විපක්ෂ නායකවරයා ජනතාවට ප්‍රකාශ කරනු ලබන්නේ ශතවර්ෂ තුනකටත් වඩා එහාගිය යටත් විජිත යුග තුනක් ගෙවා එක්දාස් නවසිය හතළිස් අටේ පෙබරවාරි හතරවැනි දින නිදහස ලද අප මාතෘ භූමිය දැන් මේ ගත කරනු ලබන්නේ අදින් ආරම්භ වන හැත්තෑපස් වන වසර බවයි.

නිදහස ලබා ගැනීම උදෙසා ආ ගමන් මඟ ලේ කඳුළු දහඩිය මතින් ආ ගමනක් වන අතර ඒ නිදහස ලබා ගැනීම උදෙසා වූ විවිධාකාර අරගල වලදී ජීවිතය කැප කළ විරුවන් මේ මොහොතේ මහත් වූ අභිමානයෙන් සහ ගෞරවාදරයෙන් සිහිපත් කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

balavegaya දින පණිවිඩය page 0001 copy copy