පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් ( Patricia Scotland ) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුනා.

ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී. විපක්ෂ නායකතුමා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු අතර එම නියෝජිත පිරිස, පොදු රාජ්‍ය මණ්ඩලය විසින් මේ වසර තරුණ වර්ෂයක් ලෙස නම් කර ඇති බවත්, තරුණ ප්‍රජාවේ තොරතුරු තාක්ෂණය ඉහළ නැංවීම සහ ඉන් ඔවුන්ව සන්නද්ධ කිරීම පිළිබඳව තම අවධානය යොමුව ඇතැයි මහලේකම්වරිය විපක්ෂ නායකතුමා සමග ප්‍රකාශ කළා.

මෙරට පාසල් දරුවන්ගේ පරිගණක දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සිය ප්‍රසාදයද පලකළා.