මහින්ද රාජපක්ෂගේ ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය හේතුකොටගෙන රට විනාශ වූ බවත් මේ මොහොතේ ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය දිනවල රාජ්‍ය ත්‍රස්තවාදයට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ තත්ත්වයට පොලිස්පතිවරයා ද වගකිවයුතු බව කීය. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.