ලංකාව මේ මොහොතේ දේශපාලන වශයෙන් සංක්‍රාන්තිමය මොහොතකට ගමන් කරමින් සිටිනවා එක පැත්තකින් රාජ්‍ය අරාජික තත්ත්වයට පත් වෙලා හමුදා කරණයට පත්වීමේ අනතුරකට රට මුහුණ පා ඇති බවත් සහ ජාත්‍යන්තර සෘජු මැදිහත් වීමේ අනතුරටත් මුහුණ පා තිබෙන බව ආචාර්ය අතුල ශ්‍රී සමරකෝන් මහතා පවසයි .

ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය අතුල ශ්‍රී සමරකෝන් මහතා,

“අපි හිතනවා ලංකාව මේ මොහොතේ දේශපාලන වශයෙන් සංක්‍රාන්තිමය මොහොතකට ගමන් කරමින් සිටිනවා එක පැත්තකින් රාජ්‍ය අරාජික තත්ත්වයට පත් වෙලා හමුදා කරණයට පත්වීමේ අනතුරකට රට මුහුණ පාලා තියෙනවා .ජාත්‍යන්තර සෘජු මැදිහත් වීමේ අනතුරටත් මුහුණ පා තිබෙනවා.එම දැවැන්ත අනතුරු තුන වන අරාජික භාවය මිලිටරිකරණ සහ ජාත්‍යන්තර සෘජු අතපෙවීම් වල අනතුර පවතින මොහොතක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ශක්තිමත් කරන්නේ කොහොමද ,එය ප්‍රජාතන්ත්‍රවාදී එකගතාවයක් හරහා මේ ආණ්ඩුව ඉදිරියේ රට යතාතත්වයට පත්කිරීමේ අභියොගය පවතින මොහොතක්.

අපි දන්නවා පසුගියදා මේ රජයේ ප්‍රචණ්ඩත්වය දැඩි වශයෙන් ඉහල ගියා එහිදී ආණ්ඩුවේ ත්‍රස්වාදය භාවිතා කරලා ආණ්ඩුවේ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය භාවිතා කරලා ලංකාවේ දීර්ඝ කාලයක් පැවති සාමකාමී අරගලය කඩාකප්පල් කරන්න රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කළා.අපි දන්නවා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙන්නේ නැතුව ජනතාවගේ දැඩි බලකිරීමක් පවතිද්දී ඉල්ලා අස්වීම සදහා පීඩනයක් පවතිද්දී එතුමා උත්සාහ කළා තමන්ගේ මැරබලය පාවිච්චි කර හෝ තමුන්ගේ තනතුරේ රැඳී සිටින්න නමුත් එතුමාට සිදුවුනා අවසානයේ විශාල ප්‍රචණ්ඩත්වයක් ඇති කරලා භීෂණයක් ඇති කරලා ඒ නිසාම ඔහුට අස්වෙලා යන්න සිදු වුණා අද වන විට අද අග්‍රාමාත්‍යවරයා හැංගිලා ඉන්නවා ඔහු ඉන්නේ කොහෙද රට දන්නේ නැහැ ඔහු පාර්ලිමේන්තුවට නැවත පැමිණෙනවා ද නැත්නම් ඔහු මේ රාජ්‍යයේ දරණ තනතුරු සම්බන්ධයෙන් සහ රාජ්‍යයට වගේ කියනවද කියන සම්බන්ධයෙන් කිසිම අදහසක් ජනතාවට නැහැ ඒ නිසා අද පවතින්නේ විසිරුණ ආණ්ඩුවක් එක පැත්තකින් ජනාධිපතිවරයා හැංගිලා ඉන්නවා හිටපු අග්‍රාමාත්‍යවරයා හැංගිලා ඉන්නවා තවත් පැත්තකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා පළාත් සභා මන්ත්‍රීවරුන් දැඩි ප්‍රචණ්ඩත්වය භාවිතා කරලා ජනතාවට තර්ජනය කරමින් පවතිනවා මේ විදියට වත්මන් ආණ්ඩුව පාරාජික ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා ත්‍රස්තවාදීන් ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ලංකාව මුදවාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ වගකීම විපක්ෂයට පැවරී තිබෙනවා.

මේ මොහොතේ ජනතාව අහනවා විපක්ෂය මොනවද කරන්නේ අද විපක්ෂය මේ අවස්ථාවේදී ඉදිරිපත්ව ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අභියෝගය පවතිනවා කියන එක පැහැදිලියි. නමුත් ඒ පිළිබඳ මා දන්නවා පාර්ලිමේන්තුව තුළ සංඛ්‍යාත්මකව විපක්ෂයට තිබෙන්නේ කුමන ස්ථානය ද කියලා. එළියේ සමස්ත ජනතාවම සිටියත් පාර්ලිමේන්තුව තුල විපක්ෂයට සංඛ්‍යාත්මක නියෝජනය තුළ නිරූපණය වෙන්නේ නැහැ .මේ අභියෝගය අපි ජයග්‍රහණය කරන්නේ කොහොමද ඒ නිසයි අපි කල්පනා කරන්නේ සිවිල් සමාජය බුද්ධිමතුන් සහ මේ රටේ දේශපාලනික වශයෙන් සක්‍රීය ජනතාව පුරවැසියන් වශයෙන් අපි ඉදිරියේදී සියලු දෙනාම එකතුවෙලා එකඟතාවය ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කිරීමේ අභියෝගය තියෙනවා අද විපක්ෂයට ආණ්ඩුවක් හදන්න කියලා බල කරලා නැවත රාජපක්ෂලාගේ විපක්ෂයක් නැවතත් පාර්ලිමේන්තුව තුළ බිහි කරලා මේ රාජ්‍යය ඉදිරියට ගෙන යන්න බැහැ ඒ නිසා අද සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ එකට එකතුවෙලා පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් නිර්මාණය කර ගෙන ඉදිරි මැතිවරණ එනතෙක් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කරගත යුතුයි ඒක අපි කියන්නේ නැහැ සමගි ජන බලවේගය ට හෝ වෙනත් පක්ෂයකට බලය ලබා දෙන ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතුයි කියලා නැහැ මේ වෙලාවේ අපිට අවශ්‍ය එකඟතාමය වැඩපිළිවෙළක් මේ රජය මේ මොහොතේ මුහුණ පා සිටින අඳුරෙන් එළියට යෑමට අවශ්‍ය කරන කිසියම් ආලෝකයක් දැල්වීමයි අපිට අවශ්‍ය වන්නේ. ඒ ආලෝකය දල්වා ගැනීම සඳහා සියලුම පක්ෂවලට විශාල වගකීමක් තියෙනවා.”

මෙහිදී මහාචාර්ය ගාමිණි රත්න ශ්‍රී මහතා, ආචාර්ය අණුප ජයවර්ධන මහතා,හා නීතීඥ ජයන්ත බණ්ඩාර මහතා ද අදහස් දැක්විය.